IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නුගේගොඩ මහේස්ත්‍රාත් බූරු මුණා පරීක්ෂා කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් කලුමිනී රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැති සැකකරු නුගේගොඩ අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය පරික්ෂා කර නිරීක්ෂණ සටහන් කර ගත්තාය.

මහේස්ත්‍රාත්වරිය එලෙස සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් කරන ලද දැනුම් දීමක් අනුවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකාර බුරු මුනා නැමැත්තා ජූනි මස 20 වෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේන් අවසර ලබාගත් බව අධිකරණයට දැනුම් දීමකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නිරීක්ෂණයට ලක් කල බව පොලිස් නිලධාරියෙකු කීය.

එම රඳවා ගැනීමේ නියෝගය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයට ද කරුණු වාර්තා කළ බව එම නිලධාරියා කීය.

සැකකාර බුරු මුනා නමැත්තා මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිසියක විශේෂ සිරමැදිරියක රඳවා තබා ඇති අතර ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනකු ආරක්ෂාව සඳහා යොදවා ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

 



අදහස් (3)

නුගේගොඩ මහේස්ත්‍රාත් බූරු මුණා පරීක්ෂා කරයි

Kumar (Gulf) Tuesday, 21 March 2023 11:54 PM

ඉතින් බූරු මූණක් කියල තීරණය කරාද අන්තිමට?

:       0       0

Gag Wednesday, 22 March 2023 09:43 AM

ඌ බූරුවෙක් නිසා තමයි කුජීත කාලකන්නි පරාජිතයකු ලෙස මූණ වහගෙන මිනිසුන්ට වෙඩි තියන්නේ

:       0       3

de silva Wednesday, 22 March 2023 01:53 PM

මු ත්‍රස්තවාදියෙක් නොවෙ කුලි මිනිමරුවෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site