IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නුගේගොඩ අනුලා විදුහල් ක‍්‍රීඩිකාවෝ පළමු විස්සයි20 ක‍්‍රිකට් ශූරතාව දිනති

පාසල් ක‍්‍රිකට් සංගමය පළමු වරට සංවිධානය කළ අන්තර් පාසල් බාලිකා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (ලෙදර් පන්දු) ශූරතාව දිනාගැනීමට නුගේගොඩ අනුලා විදුහල් ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. බොරැල්ල වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති අවසන් මහ තරගයේදී අනුලා විදුහල් පිල කඩුලූ 8 කින් කොළඹ ගෝතමී විදුහල් පිල පාරජය කළේය.

ගෝතමී විදුහලේ හර්ෂිකා මාධවි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් අවසන් මහ තරගයේදී ලකුණු 63 ක් රැස්කිරීමට සමත් වූවාය. මාධවී තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව සහ දක්‍ෂතම පිතිකාරිය ලෙස ද සම්මාන හිමිකර ගත්තාය. 

අනුලා විදුහලේ කාවින්ද්‍යා දෙව්මිණි දක්‍ෂතම පන්දු යවන්නිය ලෙසත්, චතුරි සිල්වා දක්‍ෂතම පන්දු රකින්නිය ලෙසත්, අමාෂා පෙරේරා අවසන් මහ තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසත්, සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ. 

ගෝතමී විදුහල  ඕවර 20 කදී කඩුලූ 9 ට 113 (හර්ෂිකා මාධවි 63, ප‍්‍රමේෂා රසාංගි 12, කාවින්ද්‍යා දෙව්මිණි 16/3, අමාෂා පෙරේරා 29/2)

අනුලා විදුහල  ඕවර 18.3 කදී කඩුලූ 2 ට 115 (අමාෂා පෙරේරා නොදැවී 31, චමෝදි හංසිකා නොදැවී 29, හසිනි පෙරේරා 23)


(ඡයාරූපය: ශාන්ත රත්නායක)  

ජයග‍්‍රාහි අනුලා විදුහල් ක‍්‍රිකට් පිල, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න යන මහත්වරු සමග.



අදහස් (0)

නුගේගොඩ අනුලා විදුහල් ක‍්‍රීඩිකාවෝ පළමු විස්සයි20 ක‍්‍රිකට් ශූරතාව දිනති

රාජු Tuesday, 09 April 2013 02:52 AM

හුරේ! මගේ නංගිලා ගිය ඉස්කෝලෙ... (නි)

:       0       0

කනිෂ්ක ජයසේකර Thursday, 11 April 2013 05:05 PM

අන්න හරි හුරේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site