IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


නුගේගොඩින් ආරම්භ වන බස් ධාවනයෙන් ඉවත් වෙයි

(නිමල කොඩිතුවක්කු)

බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඩීසල් ලබා දෙන්නැයි ඉල්ලමින් නුගේගොඩ බස් නැවතුම්පොලේන් ගමන් ආරම්භ කෙරෙන පෞද්ගලික බස් රථ අද (26) සිට වර්ජනයක් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව නුගේගොඩින් ගමන් ආරම්භ කෙරෙන මාර්ග අංක  168, 119, 117, 176, 183, 259, 689 යන මාර්ග යටතේ ධාවනය කෙරෙන සියලුම බස් රථ මෙලෙස ධාවනයෙන් ඉවත් වනු ලැබීය.

එමෙන්ම ඉන්ධන  හිඟය සහ ප්‍රමාණවත් පරිදි ඉන්ධන  නොලැබීම හේතුවෙන් බොහෝ මාර්ග වල බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දුන්නත් බස් රථ ධාවනයට එය ප්‍රමාණවත් නොවන බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා දීමට පියවර නොගතහොත් මේ සතියේ සිට සියලුම පෞද්ගලික  බස් රථ ධාවනයෙන් ඉවත් වන බවත් ඔහු තවදුරටත්  කීවේය.



අදහස් (0)

නුගේගොඩින් ආරම්භ වන බස් ධාවනයෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 290 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 778 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site