(ඩයනා උදයංගනී)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ ප්‍රදේශයේ අලි ඇතුන් ගැවසෙන වනාන්තර හා වගාබිම් ඇතුළු අක්කර 5,400ක පමණ ප්‍රදේශයේ විහාරස්ථානයක නින්දගම් බවට පවසමින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදුදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීහු චෝදනා කරති.
එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ දෙනමක් ව්‍යාජ සන්නසක් භාවිතා කරමින් ඒවා විහාරස්ථානයට අයත් ඉඩම් බව පවසා කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික් දේශපාලනඥයින් දෙදෙනකුගේ ද සහය ඇතිව මෙම ඉඩම් කොල්ලය සිදුකරමින් සිටින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසීය.
ඇහැටුවැව, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි - ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් සහ ජනතාවගේ වගාබිම් මෙලෙස බදු දී ඇති බවත්, එම වනාන්තර අක්කර 50ක් පමණ මේ වන විටත් විවිධ වගාවන් සඳහා විනාශ කරමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නාකොළගනේ වනාන්තර බලහත්කාරයෙන් අල්ලගෙන