IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘නක්ෂත්‍රකරුවන් නොසිටියා නම් ජිනීවා යන්නේ මහින්දයි‘

‘මහින්ද රාජපක්ෂ මහත්මයට අවුරුදු දෙකක් තියෙද්දි ඇයි අවුරුදු දෙකකට කළින් ඡන්දෙකට ගියේ කියන එකට තවම රාජපක්ෂ මහතාගෙන් පිළිතුරක් නෑ. සමහරුනම් කියන්නේ ජ්‍යෙතිර්ශාෂ්ත්‍රඥයන් කළ ඉල්ලීම් අනුවයි ගියේ කියා. ඒ ඉල්ලීම් අනුව යන්නත් හේතුවක් තියෙන්න එපායැ. එතුමා හිටියා නම් අද මානව හිමිකම් සැසියට යන්නේ ඔහු. ජ්‍යොතිර්වේදීන්ට ස්තුතිවන්ත වෙන්න ඕනා ඔවුන් කළ දේට. ජනවාරි අට වැනි දා මේ රටේ නව යුගයක් උදා කළා. අපි අළුත් රටක් විදියට  ජාත්‍යන්තරය ඉදිරියේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු. අහිංසාවාදී පාලක ක්‍රමයකින් හා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකින් ලෝකය දිනා ගැනීමට අපි කටයුතු කරනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද ඇමෙරිකාවේ සිට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේය.

2009 මැයි මාසයේ දී කොටි ත්‍රස්තවාදීන් නැති කර දැමූ බව හිටපු ජනපති කීවද රටින් පිට ඔවුන්ගේ සෙවනැළි ඇති බව ද ජනපති පැවසීය.

යුද අපරාධ කුමන කාලයක සිදුවූ බව කීවත් ඒ ගැන වග කිව යුත්තේ වර්තමාන රජය බවත්, දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ යුද අපරාධ වීයැයි සෙවීමේ යෝජනාවට රටවල් රැසක් සහාය දැක්වූ බවත් සිරිසේන මහතා කීවේය.

 



අදහස් (0)

‘නක්ෂත්‍රකරුවන් නොසිටියා නම් ජිනීවා යන්නේ මහින්දයි‘

සත්‍යා Saturday, 03 October 2015 09:07 PM

උදය, ඔබගේ සුහදත්වයට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 03 October 2015 11:50 PM

මහින්ද සිටියා නම් රට යන්නේ කොයිබටද? (නි)

:       0       0

සත්‍යයා Saturday, 03 October 2015 11:52 PM

මෙතන "පිවිතුරු" නම ගත් කෙනා තරම් අපවිත්‍ර කෙනෙක් මේ ලෝකෙවත් නැහැ. කලින් බන්දුල හැටියටත් දැන් පිවිතුරු යහපාල ලෙසත් නමක් දීලා මෙතනට ඇවිල්ලා කරන්නේ මිනිසුන්ගේ මොළ විකාර කරන එක. රටේ බහුතරය මහින්දලා කරපු වැරදි වලින් 5% විතර දැනගෙනයි ඔහුව බලෙන් නෙරපා හැරියේ. (නි)

:       0       0

විජේතුංග Friday, 02 October 2015 08:55 PM

අනේ අම්මපා මහින්ද මහත්තයටත් වුණ වැඩක්! (නි)

:       0       0

අමල් Sunday, 04 October 2015 04:13 AM

ඔබට මේ රට සංවර්ධන කරන්න ශක්තිය ලැබේවා.! (ර)

:       0       0

සත්‍යයා Saturday, 03 October 2015 01:27 AM

ඕනෑම කෙනෙකුට නියමිත ආයු ප්‍රමාණයක් තියෙනවා වගේ සිදුවීම් වලටත් ආයු කාලයක් තිබෙනවා. නක්ෂත්‍රකරුවන්ට මේ ආයු කාල දෙන්නත් බැහැ, ගන්නත් බැහැ. රජකම් කළත් කළකම් පලදෙන අවස්ථා මුළු ලෝක ඉතිහාසය පුරාම දකින්න ලැබෙනවා. පැරදුන මහින්ද රාජපක්ෂ කියන්නෙත් මනුෂ්‍යයෙක්. ජයග්‍රාහී මෛත්‍රිපාල සිරිසේන කියන්නෙත් තව එක් මිනිසෙක්. දෛවය මේ දෙදෙනාටම පොදුයි. වැරදි කළදාට දඬුවමේ කිසිම වෙනසක් නැහැ. (නි)

:       0       0

කිරන් Tuesday, 06 October 2015 01:58 AM

මහින්ද මහතාට මොනවා හිතෙනවාද දන්නෙ නැහැ (නි)

:       0       0

හනීස් Saturday, 03 October 2015 12:00 PM

පිවිතුරු යහපාල උන්නැහේ, මම නම් නක්ෂත්‍රය විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

රෝහණ Monday, 05 October 2015 11:28 AM

සමහරු කරුණු නොදැන මහින්දට කඩේ යනවා (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 03 October 2015 03:07 AM

දේශපාලනයේ පරිණත මහින්ද මහත්තයා ඔය නක්ෂත්‍රකරුවන් ඉස්මුදුනින් පිළිගත්තා නම් එතුමාට මේ ගමන මේ තරම් දුරක් එන්න ලැබෙන්නේ නැහැ.අපි එය විශ්වාස කරන තරමටම තමයි එතුමාත් සිංහල බෞද්ධයෙක් විදියට එය විශ්වාස කරන්න ඇත්තේ. (නි)

:       0       0

රෝහණ Saturday, 03 October 2015 01:50 PM

මහින්දට කඩේ යන බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාල කවුද? අපි කියන්නේ ඔබගේ අදහස් වලට කැමති ඔබ පමණයි. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 03 October 2015 02:04 PM

හැබැයි මහින්ද ජනාධිපතිතුමා 2009 යුද්ධය හමාර නොකළා නම් අද ඔය බහුතරයකුත් නැහැ, සාමයකුත් නැහැ, යහපාලනයකුත් නැහැ, විදේශ මිත්‍රයනුත් නැහැ..... (නි)

:       0       0

කමල් Saturday, 03 October 2015 03:35 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

උදය Saturday, 03 October 2015 04:24 AM

සත්‍යයා, මම ඔබ සමඟ එකඟයි (නි)

:       0       0

මොහාන් Saturday, 03 October 2015 06:52 PM

රෝහණ, ඔයා කඩේ යන්නේ කාටද? දීපාල් නිරෝෂ් කියලා තියන දේ හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site