නකල්ස් රක්ෂිතය ආශ්‍රිත වනජිවි පනත මගින් ආරක්ෂා කරන දුර්ලභ ඝනයේ මුවන්, මීමින්නන්, ඉත්තෑවන් ඇතුළු සතුන් දඩයම් කළ බව සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පුද්ගලයන් හයදෙනා ඇප මත මුදා හරින ලෙස තෙල්දෙණිය දිසා විනිසුරු එම්.එච්.පරික්ඩීන් මහතා නියෝග කළේය.
එක් සැකකරුවකුට රුපියල් 25000 බැගින් හය දෙනාට වෙන වෙනම දඩයක් ද එක් අයකුට ලක්ෂයක ශරීර ඇප දෙකක් ද නියම කැරිණි.
නඩුව ඔක්තොම්බර් 24 වැනි දින යළි කැදවිමට නියමිතය.
සැකකරුවන් වන එස් මොහොමඩ් සිරාජ්,කොඩිතුවක්කු ආරච්චිලාගේ නලින්ද වීරතුංග, චන්ද්‍රෙස්කර විජයකාන්තන්,ගලබඩ ලියනගේ රුවන් සංජිව සමරනායක හා නන්දකුමාර්ට සෑම මසකම දෙවැනි ඉරිදා හා අවසන් ඉරිදා උදැසන 9 සහ 12 අතර පන්විල පොලිසියට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් නියම කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නකල්ස් රක්ෂිතයේ සත්තු දඩයම් කළ හයකට ඇප
වසන්ජය Friday, 08 July 2016 09:55 PM
ඇප දෙන්න වටින්නේ නැහැ කළ අපරාධ වල හැටියට (නි)
විශ්ව Saturday, 09 July 2016 12:28 AM
ජාතිබේද නැතුව කට්ටිය සමගියෙන් අපාගතවන වැඩක් කරලා තියෙන්නේ. (නි)
ලෙස්ලි Saturday, 09 July 2016 01:00 AM
දැන්වත් මේ පවුකාර වැඩ වලින් ඈත්වෙන්න (නි)
නිහාල් Friday, 08 July 2016 11:01 AM
මස් වැද්දන්ට දෙන උපරිම දඬුවම මොකක්ද කියලා බලමු. (නි)
සිසිර Saturday, 09 July 2016 08:04 AM
මේ අයට ඇප දෙන්න එපා. මිනීමැරීමේ චෝදනාවට හා ඒහා සමාන දඬුවමක් දෙන්න. (ර)
නුවන් Friday, 08 July 2016 12:23 PM
වේදනාව දැනෙන්න එල්ලලා හම ගහන්න තිබුනේ! (නි)
ප්‍රභාත් Saturday, 09 July 2016 02:24 PM
මේ වගේ මස් වැද්දන්ට ඇප නොදී ඉන්න තිබුනේ. එළියට ඇවිල්ලා අායෙත් කරන්නේ ඔය ටිකම තමා. නුවන් කියන දේම තමා කරන්න තියෙන්නේ (නි)