IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ධීවර වන්දි කෝටි ගාණක් ලේකම් කාර්යාලවල හිර වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ධීවර කටයුතුවල වක්‍රව යෙදුණු    15,000කට   එක්ස්ප්‍රස් පර්ල් නැවෙන්  සිදුවූ හානි හේතුවෙන්  ලබාදී තිබු    රුපියල් කෝටි ගණනක  වන්දි මුදල් මාස හයක් තිස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිර වී පවතින බව සමගි ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

ධීවරයාට දෙන දේ අරගෙන නිකම්  වෙන දේ බලාගෙන ඉන්න අමාත්‍යවරයකු වැඩක් නැතැයි පැවසූ අමාත්‍යවරයා තෝරාගත් ධීවරයන් පන්සීයකට පමණ තවමත් වන්දි මුදල් ලැබී නැතැයිද  ප්‍රකාශ කළේය.

මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසුවේ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේද පැවසීය.

මේ ප්‍රශ්නය සිද්ධ වෙලා අවුරුදු දෙකහමාරක්. තවමත් ඒ අයට සත පහක් දීල නැහැ.  ධීවර ඇමති තුමාට මේක තනිවම කරන්න බැහැ. ධීවර ඇමැතිතුමා ආයතන සමඟ එකතු වෙලා ධීවරයන් ශක්තිමත් කරන්න යම් වැඩපිළිවෙලක් සකස් කරන්න.
සල්ලි හම්බ වෙලා තියෙද්දි ඒක බෙදන්නේ  නැත්තේ ඇයිද කියන එක ප්‍රශ්නයක්.

වැලි ඉවර කිරීම නිසා ධීවරයන්ට ප්‍රශ්න තියෙනවා. නැව් හතරක් වැලි ඉවත් කළා. ධීවරයන් වෙනුවෙන් අමාත්‍යාංශය මොනවා හරි කරන්න ඕන. නැවේ සුන්බුන් තවම තියෙනවා. ධීවරයන්ට ධීවර කටයුතු කරන්න බැහැ. දැල් ගහන්න බෑ. අනතුරුදායකයි. ධීවර ඇමැතිතුමා මීපා ආයතනය වගකීමෙන් වැඩ කරන්න ඕන.



 

 



අදහස් (2)

ධීවර වන්දි කෝටි ගාණක් ලේකම් කාර්යාලවල හිර වෙලා

චින්තක Wednesday, 09 August 2023 05:18 PM

කාලයක් ගියාම මිනිස්සුන්ට අතීතය අමතක වෙනවා. එතකොට හෙමිහිට ඇමැතිවරයා මුදල් තැන්පතු තියෙන තැන්වල ලොක්කෝ එකතුවෙලා බෙදාගෙන කනවා වෙන මොකුත් වෙන්නේ නැහැ... ඔබතුමා ඉදිරිපත්වෙලා අවශ්‍ය කටයුතු කරලා මුදල් අරගෙන දෙන්න ඇමැතිට කියලා වැඩක් නැහැ. මිනිස්සු හමුවෙලා ඔවුන් සමග බලධාරීන් හමුවෙන්න...

:       0       3

Bunny Preena Thursday, 10 August 2023 09:57 AM

අදාල ප්‍රාදේශීය ලෙකම් කාර්යාල ධීවරයන් සමග වටලන්න. මොනයම් හෝ පිලිතුරක් ලබා ගත හකිවනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site