IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ධීවර දුක ලක් රජයට කියන්නැයි තමිල්නාඩුවේ උද්ඝෝෂණ

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තමිල්නාඩු ධීවරයන් නිදහස්කැර ගැනීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස සෙනසුරාදා රාමේෂ්වරම්හි දී උද්ඝෝෂණයක් පැවති බව ‘‘ද හින්දු“ පුවත් වෙබ් අඩවිය පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයන් 14 දෙනකු සිටින බව උද්ඝෝෂකයෝ පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් නිදහස්කරන්නැයි උපදෙස් දී ඇතත් මෙතෙක් නිදහස්කැර නැතැයි ඔවුහු කියා ඇත.

තමිල්නාඩුවේ දෙමළ මන්නිලා කොංග්‍රසය සහ තමිල්නාඩුවේ රාමේෂ්රම් හි ධීවර පවුල් මේ විරෝධතාව සංවිධානය කැර තිබිණි. ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ ඇති යාත්‍රා සංඛ්‍යාව 80ක් බවත් ඉන් 19ක් අබලන්ව පවතින බවත් උද්ඝෝෂකයෝ කියති.



අදහස් (0)

ධීවර දුක ලක් රජයට කියන්නැයි තමිල්නාඩුවේ උද්ඝෝෂණ

රූපවතී Monday, 22 June 2015 11:12 AM

ඔව් ඔව් ..එහෙම තමයිලු? අපිත් හෙට අනිද්දා දිහාට ඔයාලගේ මුහුදට එනවා හොරෙන් මාලු බාගෙන යන්න.අපිව ආපසු එවයිද? දුක අපිට කියලා වැඩක් නැහැ.අපේ මුහුදු සීමාවට තියා අපේ රටේ හුළඟ වදින දේශසීමාවටවත් නෑවිත් ඉන්නවා නම් තමයි ඔහේලාගේ දුකට පිළියමක් ලැබෙන්නේ. මැති ඇමතිලාගෙ නෙමෙයිනේ ධීවර ආම්පන්න. ඉතින් ඒ මිනිසුන්ට කොහෙන්ද දුකක්? (නි)

:       0       0

සෑම් Sunday, 21 June 2015 11:35 AM

මොකටද හොරෙන් මාළු බාන්ඩ අපේ මුහුදට එන්නේ. (නදී)

:       0       0

අඹන්පොළ Sunday, 21 June 2015 11:40 AM

එතකොට තමිල්නාඩු අත් අඩංගුවේ ඉන්න අපේ ධීවරයෝ? එහෙ හිරගෙවල්වල ඉන්න අපේ අයට දවසකට කන්න දෙන්නෙත් එක වේලයි (නදී)

:       0       0

චතු Sunday, 21 June 2015 12:00 PM

මොකටද මේ පැත්තට එන්නේ ? (බ)

:       0       0

සමීර Monday, 22 June 2015 03:33 AM

මේක පුදුම වැඩක්නේ. අපේ ගෙදරට ඇවිල්ලා අපිටම ගහනවා (නි)

:       0       0

පියලාල් Sunday, 21 June 2015 12:17 PM

මේ අල්ලන මිනිස්සු නිකම්ම නිදහස් කරන එක නවත්වන්න. නාවික බෝට්ටු වලට පැට්‍රල් ගහන්නේ ජනතා මුදලින්. ඔවුන් එන්නේ අපේ ධිවර සම්පත සුරා කන්නයි. (බ)

:       0       0

පේමලතා Sunday, 21 June 2015 01:59 PM

අනුන්ගේ දේවල් අනවසරයෙන් කදාවදා ගන්නවා කියන්නේ හොරකමක්.. එහෙම හොරුන්ව ජනපති අනින් නිදහස් කරනවා නම් හොරකම් වලට සම්බන්ධව ලංකාවේ ඉන්න සිරකරුවන්වත් නිදහස්කල යුතුයි.. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site