IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ධීවරයා හුළුගල්ල ජලාශයට බිලි

(ප්‍රියාණි මංගලිකා )         

නිකවැරටිය  ,හුලුගල්ල  , ජලාශයේ  ,ධීවර කටයුතු සඳහා  දියඹට ගිය  ධීවරයෙකුගේ (50)  සිරුර සහ ඔරුව   දියඹේ  පාවෙමින්   තිබියදී සොයා ගත්  බව නිකවැරටිය  පොලීසිය  පැවසීය.

මෙලෙස  මියගොස්  සිටියේ  ,හුලුගල්ල  නිකවැරටිය   ලිපිනයේ පදිංචි  ඩබ්.එම්.කරුණාරත්න  නැමති දෙදරු  පියෙකි.

මොහු පෙර දින රාත්‍රියේ ධීවර කටයුතු සඳහා  තනිව ඔරුවේ   නැගී  ජලාශයේ  දියඹට ගොස්   ඇති බව  පරීක්ෂණ වලදී අනාවරණය වී   ඇති බව  පොලීසිය සඳහන්  කරයි.

උදෑසන ධීවර කටයුතු සඳහා   මරුවක  නැගී දියඹට  ගිය  වෙනත්  ධීවරයන් පිරිසක් මෙම ධීවරයා මියගොස් සිටි අයුරු දැක ඇතැයි පොලීසිය කියයි.   



අදහස් (2)

ධීවරයා හුළුගල්ල ජලාශයට බිලි

උධුලී Friday, 22 September 2023 12:57 PM

නිවන් සුව පතමු. මෙවන් අකල් මරණයකට නිවන් දක්නා තුරු ගොදුරු නොවේවා...! දරුවන් දෙදෙනාටත් එම මැතිනියටත් අපගේ බලවත් සෝකය...!

:       0       4

Bunny Preena Friday, 22 September 2023 02:04 PM

ධීවරයින් බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි ජීවිතාරක්ෂක කබා නොපැළඳවීම. කරදිය සහ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයට සම්බන්ධ සංගම් සහ ධීවර අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන්ව දැනුවත් කිරීමෙන් පසු සහන මුදලකට හෝ වාරික කිහිපයකින් ගෙවීමට හැකිවන පරිදි ධීවරයින්ට ජිවිතාරක්ෂක කබා නිකුත් කළා නම් මෙවැනි අකල් මරණ බොහෝ ගණනක් වළකාගත හැකිවේවි. හදිසි අවස්ථාවක බෝට්ටු අනතුරක් වුණත් බේරාගන්නකන් වතුරේ පාවෙලා හරි ඉන්න පුළුවන්නේ. බෝට්ටුව සහ මසුන් නැති වුණත් ජීවිත හරි බේරෙනවනේ...!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site