IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධීවරයන්ට හදිසි අනතුරු රක්‍ෂණයක්

 

(අංජුල මහික වීරරත්න)

ධීවර  කටයුතු ආශ්‍රිතව ජීවනෝපාය සකස් කරගත් කිමිදුම් කටයුතු වල නිරත වන ප්‍රජාව සඳහා හදිසි අනතුරු රක්ෂණයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් විවිධ කෘෂිකාර්මික වගාවන් හා කෘෂි කර්මාන්තයට අදාළ ක්ෂේත්‍ර සඳහා විවිධ රක්ෂණ යෝජනා ක්‍රම හඳුන්වා දී ඇති අතර, ධීවර ජනතාව වෙනුවෙන් සුවිශේෂී වූ මෙම රක්ෂණ යෝජනා ක්‍රමය කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය විසින් මඟින් හඳුන්වා දුන් නවතම රක්ෂණ යෝජනා ක්‍රමය බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින්, අයහපත් කාලගුණික / දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම හෝ අනෙකුත් අකර්‌මණ්‍ය වීම් වලදී රක්ෂණාවරන ලබාදීම සිදු කරනු ලැබේ.

තවද, මෙමගින් ධීවර කටයුතු වලින් බැහැරව සිටින අවස්ථාවකදී වුවද අහඹු අනතුරකින් සිදුවන මරණය හෝ වෙනත් අකර්‌මණ්‍යතාවන් සඳහා ද ප්‍රතිලාභ සැලසෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

රුපියල් 2000ක් වැනි වාර්ෂික රක්ෂණ වාරිකයක් යටතේ හදිසි මරණයකදී රුපියල් ලක්ෂ 12 ක මුදලක් වන්දියක් හිමි වේ.

මීට අමතරව පුර්ණ හා තාවකාලික අකර්‌මණ්‍ය තාවයන්හිදී වන්දි ගෙවීම් සිදු කෙරෙන අතර අනතුරක් හේතුවෙන් සිදුවන එක් ඇසක් අහිමිවීම, එක් කකුලක් අහිමි වීම, පූර්ණ වශයෙන් කථනය අහිමි වීම වැනි තත්ත්වයන්හිදී ඉතා කඩිනමින් වන්දි ගෙවීමට කටයුතු යොදා ඇති අතර මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ධීවර රැකියාවේ නිරත අයට මහත් පිටුවහලක් වනු ඇතැයි සභාපති ජාසිංආරච්චි මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

ධීවරයන්ට හදිසි අනතුරු රක්‍ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site