IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


( ධර්ම මණ්ඩපය 1 ) අප බුදුන් කියාදුන් ලෝකය


    ලැබුවා වු මිනිසත් භවය යහපත් පැවැත්මකින් අවසන් කිරීමට නමි සියඵ එදේට ප‍්‍රථම තමන් විසින් හදුනා ගතයුතුය ලෝකය තුල ජීවත්වන අපට ලෝකය  කුමක්ද ?

කෙයිවගේද ? වටිනාකම කුමක්ද ?

දැනගන්න කීවේ එ්නිසාය සැමදෙයකටම සිත මුල්වන නිසා තමන්ගේ සිතෙහි උපදින සිතුවිලි පිලිබද මනා අවභෝදයකින් සිටිය යුතුය

නැතිනම් සිදුවන්නේ හැලිය ඇතුලේ නටපු කකුළුවාට සිදුවූ දෙයමය

මනුෂ්‍යයෙක්උවත් ඇතිවන සිතුවිල්ල යහපත්ද අයහපත්ද කියා තොරා ගැනීමට නොහැකිඋවහොත් ක‍්‍රියාව සිදුවන්නේද තේරුමක් නැතිවයx තමන්ගේ සිතුවිල්ල අයහපත් නරක බව දැනුනහොත් එය ඉවත් කිරීමට හැකිය

යහපත් හොද බවදැනුන හොත් එය තවත් වැඩිකර ගැනීමට හැකියාව ඇත

සිතුවිල්ල හා සමානවම කි‍්‍රයාවද වචනයද මෙසේ විය යුතුය

තමා තමන්ගැන අවබෝද කරගත්විට කිසිවෙකුට එවැනිපුද්ගලයකු වෙනස්කල නොහාැක ලැබුවාවූ මිනිසත් භවය අමනුෂ්‍ය, තිරිසන්, භවයකට පරිවර්තනය වන්නේ තමාතමන්ව හදුනා නොගත් නිසාය

ලෝකෝත්තර වීමේප‍්‍රතිඵලය ලෝකවිදු  වීමයි
ලෝකයක් ඇති බව දැනෙන්නේ සිතකටය. සිත ඇත්තේ ලෝකයත් සමගය. බුදුරජානන් වහන්සේ දේශනාකල පරිදි ලෝකය නම් බඹයක් පමණ වූ මේ සිත හා කයයි. මේ ලෝකය මෙහෙය වන්නේ සිතය. එයට මූලික වන්නේ මේ කයේ පිහිටා ඇති ඇසෙන් රූපත්, කනෙන් ශබ්දත්, දිවෙන් රසයත්, ශරීරයෙන් ස්පර්ශයත් හෙවත් දැනීමත් මනසේ හැදෙන සිතුවිලිත්ය. මීට අමතරව මේ ලෝකයේ වෙන දෙයක් වෙනවාද?

මේ ලෝකයේ අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියන්ගෙන් උපදවන දෙය සුභවාදී කැමති දෙයක් මිස වැරදි අකමැති දෙයක් වෙනවාද,

හිතනවාද, කරනවාද හැම මෙහොතේම හො`ද කැමති දෙයක් කිරීමට මිස වැරදි අකමැති දෙයක් කරනවාද, කැමැත්ත සිදුවන්නේ සිතට එන බැදීම ආශාව නිසා නේද සිදුවන දෙයට අකමැති වනවිට ඇති වන්නේ තරහ නොවේද

එසේ නම් මේ ලෝකයේ සෑමමොහොතකම ඇත්තේ කැමැත්ත හා අකමැත්තයි. කැමැත්ත යනු ආශාවයි. අකමැත්ත යනු තරහයි. මෙය වෛරය සහ තන්හාවයි මෙම ඉන්ද්‍රියන්ගේ ක‍්‍රියාවලයෙන් සිතට දැනෙන දෙය පිිළිබ`දව නොදැනුනොත් විදවීම ක‍්‍රියාවේ පිරිසිදු හා අපිරිසිදු භාවය හේතුකොට ගෙනය. සිතට දැනි කරන ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලය ව`දභාවයක් නැත.

එය කුමන වේලාවක හෝ ක‍්‍රියාත්මක වෙනවාමයි. ඉන්ද්‍රීයන් පිනවීමට ඇති කැමැත්ත ආශාව දුකක්මය, ලෝකය ඇති වන්නේ ආසාව නිසාත් වෛරය ඇති වන්නේ අකමැත්ත තරහ ක්‍රෝධය නිසාත්ය.

මෙයට ප‍්‍රධාන හේතුව අනවබෝධය හෙවත් මෝහයයි. සංසුන් සංවර වූ සත්‍ය අවබෝධ කරගත් ඉදුරන් ඇත්තා නොඇලීමෙන්, නොතැවීමෙන්, බුද්ධිමත්කම උපයෝගී කරගනිමින් සසර දුක නිමා කරගනි.

ඉදුරන් අසංවර ලෙස පිනවීමෙන් තාවකාලික වින්දනය සදාකාලික විනාශයක් කර ගන්නා ප‍්‍රතජ්ජන බාලයා දුර්ලබව ලැබූ වටිනා මිනිස් බවය දුශ්ෂීලව මිත්‍යාදුෂ්ඨිකව සසර දුගතියට යොමු කරමින් සසරේ දුක්විදිමින් ඉපදෙමින් මැරෙමින් කර්මචක්ක‍්‍රයට පන දෙයි.

සිතෙහි සංවරකම ශීලයයි. ශීලයේ පිළිවෙත් රකින්නා ලෝකයේ ස්වාභාවය ඇති සැටියෙන්දැන තමාගේත් , අනුන්ගෙත් හිත සුව පිනිස දෙලොවටම වැඩ කර ගනී. අසංවර දුශ්ශීල මිත්‍යා දුශ්ඨික අදහස් ඇති තැනැත්තා ප‍්‍රථමයෙන් තමන්ව විනාශ කරගෙන අනුන්වද විනාශ කර දමයි. ඇඹුලය, මිහිරිය, තිත්තය සිහිකරණ ඇත්තා සිත අවබෝධකර නොගනී. දක්‍ෂ ශිල්පියකු විසින් කරන ලද කැටයමක් බදු මේ ලෝකය කොටස් 32කින් වට වූ හන්මල්ලකි.

හැම මොහොතකම නව දොරටුවලින් ජරාව වැගිරෙන ලේ, සැරව, කෙල  සෙවල, සොටු, කභ, ක`දුලූ, මුත‍්‍රා, අසූචි, බඩවැල්, මස්, ඇට කටු , පිරුණු බදුනක් වැනිය.

මෙහි සුවය පතා වැඩ කිරීම මුවහත් ආයුධයක් ලෙව කන්නා සේය. ලෝකය පවතින්නේ හිත මුල් කරගෙනය. හිත නැති තැන ලෝකයක් නැත. නොවෙනස්ව එක සේ තබා ගැනීමට නොහැකි ලෝකයේ වටිනාකම කුමක්ද? වෙනස් නොවී තබා ගැනීමට ගන්නා උත්සහය සැපයක්ද? දුකක්ද? ඇතිවී  පැවතී නැතිවී යන ලෝකය වෙනස්කිරීමට හැකිවුනේ කාටද? මේ ලස්සනයි මගේ කියු බදුන කොයි මොහොතේ  හෝ බිම වැටී බිදුනොත්

( මරණය) දිනගණනාවකදී ඇතුළත ඇති දෙය පිටතට ගලද්දී පරිහරණය කිරීමට පමණක් නොව ළ`ග ෂිටීමටහවයත් හැකිද? කුණු වී ඉදිමී පණුවන් ගසා ඔජස් ගලද්දී ලස්සන මගේ කිවූ ලෝකය කකුලෙන් වත් ස්පර්ශ කිරීමට හැකිද?

මේ කොටස් 32ක වැඞී ඇත්තේ ආහාර නිසාය. (සබ්බේ සත්තා ආහාරට්ටිකා.)ආහාර සෑදෙන්නේ කෙසේද? අපගේ ප‍්‍රධාන ආහාරය බත්ය.

හාල් ඇටයක් ඇති වන්නේ වී ඇටයකින්ය වී කරලක් හැදෙන්නේ ගොයම් ගසකින්ය මෙම ගොයම් ගස හැදෙන්නේ වීදුරු කුටියක් තුළ`ද? එය හැදෙන්නේ පස් වතුර ගිනි සුළං

( පඨවි, ආපෝ, තේජෝ, වායෝ) උපකාරයෙන්ය. සත්වයා හැදෙන්නේ ආහාර නිසානම් ආහාර හැදෙන්නේ පස් නිසානම් ආහාර වලින් හැදෙන සත්වයා පස් ගොඩක් නොවේද? ජලයට ජලය එකතු වන්නාසේද පස් වලට පස් පස් එකතු වී නොපෙනී යන්නේ පස් වලට යට කල කය පස් නිසානොවේද?

එසේ නම් මේ ලෝකය ඇත්තක්ද? මුලාවක්ද? මේ මුලාවන වංචාකාරී ලෝකයට උත්තර සොයා ෝකෝත්තර වූයේ ලෝකවිදු නමින් ගෞරවයට පත‍්‍ර වූ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේයි. මෙය අවබෝධ කර ගත හැක්කේ බුද්ධිමත් කමෙන් උගත්කම හසුරවන ඇත්ත ඇති සැටියෙන් නුවනින් දැන ගැනීමට උත්සහ ගන්නා බුද්ධිමතා හෙවත් බෞද්ධයාටයි.

කිසිදු වටිනාකමක් නැති පැවැත්මක් නැති ලෝකය අතහැරිය යුතු කාලය නම් ධර්මතාවය අවබෝධකරගැනීමට හැකි බුදුවරයෙකු උපන් කාලයකයි. වි`දවන්නේ නොසිතාවිදීම කල නිසාය. ක‍්‍රියාව වි`දීමයි, වි`දවීම ප‍්‍රතිඵල යයි.

ලෝකය ඇති වන්නේ හේතුවක් නිසාය. හේතුව නැති වූ විට ලෝකයත් නැත. සිතක් ඇති වුනේ තන්හාව ආශාව නිසාය. මෙය නැති වූ විට සිත හට ගැනීමක් නැත. එය නම් නිවනයි. ඇතිවී පැවතී නැතිවී යන ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි.
යමෙක් කලින් ප‍්‍රමාදව
පසුව අප‍්‍රමාද වූයේනම්
හෙතෙම වලාගැබෙන් මිදුනු සදක්මෙන් බබලයි.

කුලියාපිටියේ ධම්ම ගවේශී හිමි.

 



අදහස් (0)

( ධර්ම මණ්ඩපය 1 ) අප බුදුන් කියාදුන් ලෝකය

හරිශ්චන්ද්‍ර Friday, 17 October 2014 01:08 AM

මෙවන් හරවත් සදහම් ලිපියක් දිනපතා "ලංකාදීප" පුවත්පතේ පළකරනවා නම් එය පාඨකයන්ගේ සිත්සතන් තරමක් හෝ නිවාලීමට සමත්වේයැයි මට සිතේ. ගරු ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා! (නි)

:       0       0

තුසිත Thursday, 16 October 2014 03:56 PM

සාදු සාදු. සංසාර සාගරයේ අතරමන් වී සිටින අපිට මේ බණ ඉතාම යහපත්.(හේ)

:       0       0

දීපක් Friday, 17 October 2014 08:19 AM

සාදු!සාදු!සාදු! කෙටියෙන් බොහොම ධර්ම කරුණු ගොඩක් මෙම ලිපියේ අඩංගු වෙනවා.දීර්ඝායුවෙවා ස්වාමින්වන්සේට! ලංකාදීපයට ස්තූතියි.මේවගේ හරවත් ලිපි පලකරත්වා! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1568 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site