IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ධර්ම දූත චාරිකාවක් අරඹයි

ධර්මදූත චාරිකාවක් සඳහා තලල්ලේ චන්දකිත්ති හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ. ප‍්‍රථම දම් දෙසුම සති අන්තයේ දී ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට නියමිතය. චන්දකිත්ති හිමියන් ලන්ඩනයේ සෙසු බෞද්ධ විහාරයන්හිද ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලට සහභාගි වනු ඇත.



අදහස් (0)

ධර්ම දූත චාරිකාවක් අරඹයි

තසංක වීරකෝන්, ලන්ඩන් සිට Thursday, 14 June 2012 04:06 AM

@ රජිත්, නියම බුද්ධ පුරුෂයෝ එදත් අපිට හිටිය, අදත් ඉන්නව.. එක නිසා තමා බුද්ධ ශාසනේ තවම රැකිලා තියෙන්නේ. එම යෝධ බුද්ධ පුත්‍රයන් ලන්ඩන් නෙවි, කොහේ ගියත් වෙසගනන්ට රැවටුනේ නෑ.. එදත්, අදත් එහෙම වෙලා නෑ.. හෙටත් එහෙම තමා.. නමුත් රජිත් වෙනි සිගාලයන්, බත් බැලයන්ට නම් මේ දිනවල ලන්ඩන් නම් හරි අපුරුයි ඔය කියපු කාරණාවට... මොකද මෙවැනි නිගන්ටයන් ගැන බුදු දහමේ පැහැදිලිව සදහන් කර තියෙනවා.. චන්දකිත්ති හිමියනි ඔබට ජය!!

:       0       0

තසංක වීරකෝන්, ලන්ඩන් සිට Thursday, 14 June 2012 04:13 AM

@ මනෝ, වැඩේ නොකෙරිලා කියල මෙතන සදහන් වෙලා නෑනේ.. හාමුදුරුවෝ වඩින්නෙ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලට සහභාගි වෙන්න.. අපිත් කැමති හොද කථිකත්වයකින් හෙබි හාමුදුරු නමකගෙන් බණ ටිකක් අහන්න.. චන්දකිත්ති හිමියනි ඔබට ජය!!

:       0       0

ලාමා Thursday, 14 June 2012 04:17 AM

ග්‍රීසියේ ඇතැන්ස්‌ බෞද්ධ විහාරයට දැනට ස්වාමීන් වහන්සේ කෙනෙක් අවශ්‍ය බවත් යුරෝපා රටකට වීසා බලපත් ඇති සිල්වත් ගුණවත් හිමි නමක් අවශ්‍ය බවත් දායක සභාව වෙනුවෙන් ඉල්ලීමක් කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නා අතර ලන්ඩනයට වඩින පින්බර චන්දකිත්ත ස්වාමීන් වහන්සේට ඒ උතුම් සද්ධර්මයේ පිහිට නිරෝගි ශක්තිය ලැබේවා''

:       0       1

සංඛ Thursday, 14 June 2012 05:53 AM

අනාගත උපාසකට තමුන් ඉන්න බ්‍රහ්ම ලෝකේ නමත් අමතක වෙනවා වෙලාවකට.කොහොම වුණත් බ්‍රහ්ම ලෝක අතරත් දැන් අන්තර්ජාලේ තියෙන එක හොදයි.මේ වගේ අනාගත්ත අය දැන් ලංකාවේ ඉන්නවා හරියට

:       0       0

මහාචාර්ය සුජිත් Thursday, 14 June 2012 07:19 AM

මහාචාර්ය වරයෙක් විදියට මට තේරෙනවා මේ බොරු ඔක්කොම ලියලා තියෙන්නේ මගේ නම ව්‍යාජ විදියට භාවිතා කරන ආචාර්ය කොල්ලා විසින් බව

:       0       0

අලිබබා Thursday, 14 June 2012 12:59 PM

මගෙ කමෙන්ටිස් දාන්න ඉස්සෙල්ලා මගේ අලිබබානමින් කමෙන්ටිස් දාලා. කුමණ ධර්මයන් සමිබන්ධව හෝ හරිදේ ලබාගැනීමට අවශ්‍යනම් වෙලාවක් වෙන්කර මාව හමුවන්න නිවැරදි දහම කුමක්දැයි කියාදෙන්නමි.මෙයට හිතවත් අලිබබා.

:       0       0

ඩිංගිරි බණ්ඩාර Thursday, 14 June 2012 08:45 AM

අනේ හාමුදුරුවනේ,පිටරටවල ඕනතරම් පන්සල් තියෙනවා.බණ කියන අය වැඩියි.අහන අය අඩුයි.ඒ නිසා ලංකාවට වෙලා පොඩි හාමුදුරුවරුන්ව පුරුදු පුහුණු කළා නම් නේද හොද?

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 14 June 2012 09:20 AM

කොහොමටත් බුදුදහම ලංකාවෙන් තුරන් වීගෙන යන හැටියක් පෙනෙන බැවින්, (මිනිසුන් හප්පාගෙන රේස් දුවන බස්රථවල ඉදිරිපස ලියා ඇති "මේ බුදුන්ගේ දේශයයි" යන වැකිය හැරෙන්නට) වෙනත් රටක හෝ ධර්මය සුරක්ෂිතව පැවතීම අවශ්‍ය බැවින් යුරෝපය තුල ධර්මප්‍රචාරය කිරීම යහපත්ය. අපේ හිමිවරු සීතල රටවල සුද්දන් නිවන් දැක්කවීමට දක්වන උනන්දුව අපේ රටේ හබරණින් එහා ජනතාව කෙරෙහිත් දක්වලා තිබුනා නම් අපේ රට අද වෙනවිට මෙහෙම නොවෙන්න තිබුනා.

:       0       0

වසන්ත Thursday, 14 June 2012 09:25 AM

රජිත් සහ මනෝට, මේ හාමුදුරුවෝ ගැන දන්නේ නැතිව කමෙන්ට් දාන්න එපා.මේ වගේ සරලව බුදු බණ දේසනා කරන හිමි නමක් තවත් නැහැ.එක පාරක් අහල බලන්න මේ වෙබ් සයිට් එකෙන්. (www .shobana .com )

:       0       0

ප්‍රීනා Thursday, 14 June 2012 09:58 AM

බැරිද මැද පෙරදිග ඉන්න අපේ අරාබි ඇත්තන්ටත් බණ ටිකක් කියන්න උත්සාහ කළොත්

:       0       0

හේමන්ත Thursday, 14 June 2012 10:28 AM

හාමුදුරැවො වැඩපු නිසානෙ මේ තරම් ධර්ම කාරණා කමෙන්ට් වලට වැටුනෙ.. තෙරැවන් සරණයි.!!

:       0       0

රජිත් Wednesday, 13 June 2012 08:28 PM

හාමුදුරුවනේ, බලාගෙන ලන්ඩන් වල ඇවිදින්න යන්නේ.මේ දවස් වල හරියට රස්නේ.සුද්දියන්ගේ ඇදුම් නම් ඒ හැටි හරි නෑ.බලාගෙන.අන්තිමේ බණත් අමතක වෙයි

:       0       0

වසන්ත Wednesday, 13 June 2012 08:11 PM

සාදු! සාදු ! සියල්ලන්ටම හොඳ බණ සහ ධර්ම සාකච්චා අසන්නට ලැබේවා!

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 10:10 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 22:00:24 මේ ස්වාමීන් වහන්සේ ළඟ මිනිසුන් පහදින ගුණයක් තිබෙනවා.එය අපගේ බුදුදහම ජාත්‍යන්තරව ප්‍රචාරය කරන්න විශාල රුකුලක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි මහ නා හිමියනි. ඔන්න ආයිත් අනා ගත්තා.උන්වහන්සේ මහ නා හිමි කෙනෙක් නෙමෙයි.ඔබතුමා අඩු ගාණේ මහ නා හිමි කියන එකේ තේරුම වත් දන්නවද?

:       0       0

සඳුන් Thursday, 14 June 2012 10:51 AM

වැදගත් හාමුදුරුවන්ට අපහාස කරන්න එපා...

:       0       0

ඇටිකිච්චා Thursday, 14 June 2012 10:20 AM

මොන මොන නම් දාලා කමෙන්ට්ස් දැම්මත් සුජිත් මහත්තයාගේ ගද හැම කමෙන්ට් එකකම තියෙනවා කියලා එයා දන්නේ නෑ

:       0       0

සකලබුජන් Thursday, 14 June 2012 10:26 AM

කට ඇති බුදු පුතෙක්...සැමට ජය ..!!

:       0       0

ආනන්ද Wednesday, 13 June 2012 09:13 PM

සැම රටකම බොදු හඩ පැතිරේවා!

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 13 June 2012 10:00 PM

මේ ස්වාමීන් වහන්සේ ළඟ මිනිසුන් පහදින ගුණයක් තිබෙනවා.එය අපගේ බුදුදහම ජාත්‍යන්තරව ප්‍රචාරය කරන්න විශාල රුකුලක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි මහ නා හිමියනි.

:       0       0

ක්‍යෙශල්‍යා බස්නායක Wednesday, 13 June 2012 10:02 PM

යහපත් කාර්යයක් සඳහා පැමිණ සිටින අපේ ගෞරණීය ස්වාමීන් වහන්සේ හට නිදුක් නීරෝගී සුව පතමි

:       0       0

රාළ Thursday, 14 June 2012 11:32 AM

මේ ස්වාමීන් වහන්සේ ළඟ මිනිසුන් පහදින ගුණයක් තිබෙනවා.එය අපගේ බුදුදහම ජාත්‍යන්තරව ප්‍රචාරය කරන්න විශාල රුකුලක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි මහ නා හිමියනි.

:       0       0

මනෝ Wednesday, 13 June 2012 11:01 PM

ඒ කියන්නේ මීට කලින් ආපු අයගෙන් වැඩේ කෙරිලා නැද්ද?

:       0       0

ෂෙරීෆ් Wednesday, 13 June 2012 10:32 PM

අපේ රටේ ඉහළ යන අපරාධ දැක්කම එතෙරට වඩා මෙතෙරට තමයි බණ කියන්න ඕනි

:       0       0

අනාගාමී ඡත්තපාණි උපාසක Wednesday, 13 June 2012 11:18 PM

තෙරුවන් සරණයි..!!! කාමරාග,ව්‍යාපාද ප්‍රහීන කර මම ඉපදිලා ඉන්නේ අකනිට්ඨා බ්‍රහ්ම ලෝකේ.දැන් ඉතින් මෙහෙම මම අර්හත්වයට පත්වෙලා කවදාහරි සසර ගමන අවසන් කරනවා.අනෙක් ගිහි ඇත්තන්ටත් මම කියන්නේ මාව ආදර්ශයට අරගෙන පව්කමින්,අකුසලයෙන් ඈත් වෙලා පින්දහම් කරගෙන කුසල් කරලා තමන්ගේ සසර ගමන අඩුකර ගන්න බලන්න.අද මනුස්ස ලොකේ සාධාරණ කෙනෙකුට ජීවත් වෙන්න බැරි තරමට විෂම ලෝභයෙන් කාමරාගයෙන් බල තණ්හාවෙන් උමතුවෙලා ද්වේෂයෙන් පිරී ඉතිරුණු මුහුණූ තමයි දකින්න තියෙන්නේ වැඩි හරියක්. ඉතින් ජීවත්වෙලා ඉන්න ටික කාලෙට වත් මේවයින් ඈත්වෙලා ජීවත් වෙන්න බලන්න.පුළුවන් නම් කාමරාග,ව්‍යාපාද යන සංයෝජන ධර්ම දෙක මුළුමනින්ම ප්‍රහානය කිරීම සඳහා විදර්ශවා භාවනාව(සප්ත විශුද්ධිය) වඩලා මම වගේ ආනාගාමී මාර්ගඵලය අවබෝධ කරගෙන මම ඉන්න ශුද්ධාවාස බ්‍රහ්මලෝකයට එන්න බලන්න.මෙතැන ඉන්න අපි කිසි කෙනෙකුගේ කාමරාග ද්වේෂ සංයෝජන ධර්ම නැහැ.ඒ නිසා අපි කල්ප කෝටි අසංඛ්‍ය ගණන් ආයුෂ හරිම සැහැල්ලුවෙන් භුක්තිවිඳීනවා.ඒවා ලබා ගන්න නම් විඳීම කියන දෙයින් සිත ඉවත්කරගැනීමට පුහුණූ වන්න. කාමය හා ද්වේෂය යනු එසේ විඳීම අපට දැනෙන ස්වභාව දෙකක් පමණි. මේ දෙකම ඇතිවන්නේ මේ “විඳීම“ කියන දේ පිළිබඳව අපේ සිතේ තණ්හාව හා අවිද්‍යාව ඇත්නම් පමණි.සංස්කාර අරමුණු අත්හැරිය විට සිත පත්වෙන්නේ මෙන්න මේ උතුම් අවස්ථාවටයි.ඒ උතුම් අවස්ථාවට පත්වන්න කියා සැදහැති ධර්මකාමී පින්වතුන්ගෙන් මා ඉල්ලා සිටිමි.. තෙරුවන් සරණයි..!!!

:       0       0

සපුමල් Thursday, 14 June 2012 11:21 AM

අලිබබා, සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා

:       0       0

ලොකු හාමුදුරුවෝ Wednesday, 13 June 2012 10:47 PM

ශ්‍රද්ධා බුද්ධිසම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි,ධර්ම දානය සෙසු දානයන් අතර උතුම් දානයයි.තෘතීය සංගීතියෙන් පසුව ආරම්භ කරන ලද විදේශීය ධර්මදූත සේවාව අද දක්වා අතිශය ක්‍රමානූකූලව සිදුවේ.ඒ තෙරුන්වහන්සේලා කෙරෙහි ධර්ම ගෞරවයෙන් යුක්තව කටයුතු කිරීම ගිහි පාර්ශවයේ යුතුකම හා වගකීම වේ.එසේ නොමැතිව පැවිදි පාර්ශවය විවේනය කරමින් නුහුගුණ මතු කිරීමට තැත් කර පව් සිදුකර නොගන්නා මෙන් ශුද්ධාවන්ත ගිහි පාර්ශව වෙතින් ඉල්ලා සිටිමු.ලක්දිව ථේරවාදී බෞද්ධ දර්ශනය ඇති රටකි.ලෝකයේ තවමත් සම්බුදු සසුන ආරක්ෂා වී ඇත්තේ බෞද්ධ භික්ෂූන්වහන්ස්ලා අතළොස්සක් දෙනා නිසා බව සිහි නුවණින් දැන කටයුතු කරන මෙන් සියළු දෙනාගෙන මා ශාසනාලායෙන් ඉල්ලා සිටිමි.සියළු දෙනාටම තෙරුවන් සරණයි..!!!

:       0       0

අනුත්තරා Wednesday, 13 June 2012 11:35 PM

මාතා පිතා දිසා පුබ්බා - ආචරියා දක්ඛිණ දිසා පුත්තදාරා දිසා පච්ඡා - මිත්තාමච්චා ච උත්තරා දාස කම්මකාරා හෙට්ඨා - උද්ධං සමණබ්‍රාහ්මණා එතා දිසා නමස්සෙය්‍ය - අලමත්තො කුලෙ ගිහී (දීඝ නිකාය 111,සිඟාලක සූත්‍රය) මට මෙය සිහිපත් වුනේ අද වැඩි දෙනෙකුට දෙමව්පියන්,වැඩිහිටියන්, පූජ්‍ය පක්ෂය,ගුරුවරුන් පිළිබඳව අමතකව වගකීම හා යුතුකම පැහැර හැර ක්‍රියාකරන බැවින්.මේ හේතුව නිසා අද මෙරටට ධර්මය විශාල වශයෙන් අවශ්‍යය.එසේම ඇමෙරිකාව,එංගලන්තය ආදී රටවලද බුදුදහම සම්බන්ධව විශාල ජාත්‍යාන්තර ඉල්ලුමක් නිර්මාණය වෙමින් තිබේ.ඊට සාපේක්ෂකට ඒ සඳහා යෝග්‍ය ධර්මධර ස්වාමීන්වහන්සේලාගේ විශාල හිඟයක්ද ඇත. ඒ කෙසේ වුවද ධර්ම දානය පිණිස වැඩම කර ඇති මේ ස්වාමීන්වහන්සේට නිදුක් දීර්ඝායු සුව ප්‍රාර්ථනා කරමි.

:       0       0

ධම්මදින්නා මෙහෙණින්වහන්සේ Wednesday, 13 June 2012 11:46 PM

තෙරුවන් සරණයි ..!!! විදර්ශනා භාවනාව සම්පුර්ණ කිරීමට නම් සීල විශුද්ධි,චිත්ත විශුද්ධි,දිට්ඨි විශුද්ධි,සංඛාවිතරණ විශුද්ධි, මග්ගාමග්ගඥාණ දස්සන විශුද්ධි,පටිපදා ඥාණ දස්සන විශුද්ධි,ඥාණ දස්සන විශුද්ධි යන විශුද්ධි සත සම්පූර්ණ කළ යුතුය.එහි අවසානයේදී මාර්ගඵල අවබෝධයනේ නිවන් දකින්නට එවිට හැකිවේ.සම්බුදු සසුනේ මුල පර්යාප්තියයි.මැද ප්‍රතිපත්තියයි,අවසානය ප්‍රතිවේධයයි.මෙහි පළමු අංගය සම්පූර්ණ නොකර දෙවන අංගයටද දෙවන අංගය සම්පූර්ණ නොකර ඊළඟ අංගයට යා නොහැකිය.එබැවින් ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය ලබා ගැනීමට නම් පර්යාප්තිය හෙවත් බුදුදහම දැනඉගෙන ගත යුතුමය.ඒ නිසා ධර්ම දානය සියළු දානයන් අතරින් ශ්‍රේෂ්ඨ බව දක්වා ඇත.එබැවින් ධර්ම දානය සමස්ත ලෝක වැසියාට ලබාදීමට විදේශගතව සිටින මේ තෙරුන් වහන්සේහට ඒ සඳහා සියළු ශක්තිය බලය ප්‍රාර්ථනාකර සිටිමු. තෙරුවන් සරණයි..!!!

:       0       0

දිනුෂි නවරත්න Wednesday, 13 June 2012 11:10 PM

මම බුදුදහමට මහත් සේ ගරුකරන ප්‍රතිපත්තිගරුක කෙනෙක් විදිහට මේ උතුම් පුණ්‍යමය කටයුත්ත සාර්ථකවීමට මගේ ආශිර්වාදය මේ ස්වාමීන්වහන්සේහට පුද කරමි.

:       0       0

රංගා ශානි Wednesday, 13 June 2012 11:53 PM

අනුත්තරා නැගණිය විසින් දක්වා ඇති අදහස ඉතා වැදගත්ය.මන්ද අද මෙරට බුදුසසුන පැවතියත් නිවැරදි දේ කුමක්ද යන්න අවබෝධකර ගෙන නැහැ.අනුන්ව නිවැරදි කිරීමට උත්සාහ ගන්නේ තමන් වැරදි දේ සිදු කරමින් වීම මහත් හාස්‍ය ජනක කාරණයක්.ඉතින් සියළු දේ මැද මෙබදු උතුම් කාර්යයක් සිදුකිරීම සතුටට කාරණක්.

:       0       0

අලිබබා Wednesday, 13 June 2012 11:56 PM

මටත් මුස්ලිම් දහම වෙනුවට බුදුදහම වැළඳගෙන එහි ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්න ආසාවක් ඇති වෙලා තියෙන්නේ.

:       0       0

ජයන්ත Thursday, 14 June 2012 01:12 AM

බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් වූ රහතුන් සැට නම අමතා,බහුජන සුවය සදහා ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන ලෙස ඔවදන් දෙන්නට වුහ. "මහණෙනී මම දිව්‍ය වූද,මනූෂ්‍යවූද සියලු කෙලෙස් පාශයන්ගෙන් මිදුණෙමී.ඔබද එසේය.දැන් ඔබ සියලු දෙනම දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ බහුජනයාගේ හිත සූවය සදහාත්,සැප සදහාත් සැරි සැරිය යුතුය.මුල මැද අග යහපත් වූ අකුරින් හා අරුතින් යුතු,හැම අතින්ම පිරිපුන් පිරිසිදු උසස් සදහම් දෙසනූ මැනවී.උසස් ජීවිතය පුරුදු කරනු මැනවී.කෙලෙස් අඩු ජනයා සිටිතී.ඔහුනට දහම් ඇසීමට නොලැබුනහොත් ඔව්හූ පිරිහෙතී.ඔව්හූ දහම් වටහා ගන්නෝ වෙතී" එදා සිට අදත් අනාගතයෙත් අප වෙනුවෙන් මහත්වූ අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේලා වෙහෙසෙති.ඒ බුදු ඔවදන නිසාය.සාදූ..සාදූ..සාදූ.

:       0       0

රාජකරැනා Thursday, 14 June 2012 01:48 AM

ලස්සන සැමදේ මොහොතට සුවදේ. එහි කෙලවර දුක දේඒඒඒ.

:       0       0

බුද්ධදාස Thursday, 14 June 2012 01:51 AM

දේශපාලන බළය සහ භික්ෂුව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුතාගේ ආයුධ පහරින් පියා මරුට
2025 මැයි මස 06 26 0

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය


පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්
2025 මැයි මස 06 96 0

පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්


ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ
2025 මැයි මස 06 133 0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි


සබරගමුවේ සිද්ධියට තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට
2025 මැයි මස 06 303 1

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය


කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි
2025 මැයි මස 06 763 1

කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු


පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට
2025 මැයි මස 06 679 1

කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 753 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site