අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අම්බලන්ගොඩ කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලබාගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත්විය. මෙය ධර්මාශෝක විද්‍යාලයේ පස්වැනි පූර්ණ ජයග‍්‍රහණයයි.
ජයග‍්‍රහණයේ නියමුවා වූ ධර්මාශෝක විද්‍යාලයේ රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 70 කට කඩුලූ 8 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 33 කට කඩුලූ 4 ක් බැගින් සමස්ත තරගයේම 103 කට කඩුලූ 12 ක් දවාලීමට සමත්විය.
මලියදේව විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 181
(කේෂාන් විජේරත්න 53, තාරුක රාජගුරුගේ 35, දමිත් පෙරේරා 31, රමේෂ් මෙන්ඩිස් 70/8) සහ දෙවැනි ඉනිම සියලූදෙනා දැවී 109 (මිනෝද් රණසිංහ 63, යොහාන් ද සිල්වා 50/5, රමේෂ් මෙන්ඩිස් 33/4)
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනා දැවී 141
(අදීශ තිලංචන 50, රමේෂ් මෙන්ඩිස් 16, රවීන් තරින්ද්‍ර නොදැවී 29, තිනෙත් මනිෂ්ක 12/3, කුසල් ද සිල්වා 31/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 7 ක් දැවී 150 (තනුර හෙළඹගේ 50, හසිඳු විමර්ශන 21, අදීශ තිලංචන 20, රමේෂ් මෙන්ඩිස් නොදැවී 17, චන්දිම බණ්ඩාර 46/4, සරින්ද්‍ර දිසානායක 20/2)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ධර්මාශෝක විද්‍යාලයට කඩුලූ 3 ක ජයක්