IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධනුෂ්ක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙරට එයි

(යොහාන් භාසුර)

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ටේ්‍රලියාවේ බන්ධනාගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙනී සිටි යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර තිබේ.

ධනුෂ්ක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටියදී අදාල චෝදනාව එල්ලවීම නිසා ඔහු වෙනුවෙන් පෙනී සිටි යුතු බවත් එම මැදිහත්වීම කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරන බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 



අදහස් (14)

ධනුෂ්ක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙරට එයි

fairoos Tuesday, 08 November 2022 06:28 PM

ඔව් අනිවාර්යයෙන්ම . ධනුෂ්ක කරලා තියෙන්නේ ඒ වගේවැදගත් වැඩක්නේ.

:       3       44

de silva Tuesday, 08 November 2022 06:52 PM

ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෝ රට ගියාම ලිංගික සංසර්ගය සඳහා ගණිකාවො, උපත්පාලන කොපු අතුළු දේවලුත් ක්‍රීඩා අමාත්‍යංශයේ ජනතා බදු මුදලින් ගෙවන්න. මට දුක කොරෝනා ප්‍රශ්නෙ නිසා අතරමන් වුන අපේ විදේශ ශ්‍රමිකයන්ට මේ කරුණාව නැති වුණ එක. අනේ ඇමතිතුමා ලෝකෙ හිනස්සන වැඩ කරන්න එපා. රටේ දුප්පත් මිනිස්සුන්ට කනන නැතුව ඉන්නවා. තරු 5 හෝටලේට වෙලා ඉන්න නැතුව ගෑණුන්ගේ ගෙවල් අස්සේ රිංගන්න ගිය උන්ට නඩු ගාස්තු ඇතුළු සියලුම දේවල් තනියම ඔය ප්‍රශ්නෙ ලිහා ගන්න කියන්. මේ වගේ ගමන් යන්න ඉස්සෙල්ලා ක්‍රීඩා අමාත්‍යංශයෙන් අවසර ගත්තේ නැහැනේ.

:       2       68

Sk Tuesday, 08 November 2022 07:19 PM

හොරු වෙනුවෙන් පෙනී සිටින එකේ මේක මොකක්ද?

:       2       55

සුරලොව ඇල්මන් Tuesday, 08 November 2022 08:34 PM

ඉතින් මොකේදැයි දන් වළදන්නේ තිබුන පාත්තරේ කොස් ඇට බැද්දේ. උණ හපුලුවාට උගේ පැටියා මැණිකක්ලු, මගේ පැටව් විසිතුරු යැයි අගේට කපුටාද කියයි.

:       3       23

Nalaka Tuesday, 08 November 2022 08:59 PM

මෙක විසදිලා ඉවර නැති දෙයක්නේ. දැනට එතකන් අපේ රටේ පුද්ගලයා වෙනුවෙන් පෙනි සිටිය යුතුයි. වෙලාවට මෙයා අහු උනාට මේ වැඩෙ කරපු පලවෙනි කෙනා මෙයා නෙවෙයිනේ. ඒ හින්දා කුහකකමට මිනිස්සුන් ව විනාස කරන මධ්‍ය මේවා පතුරු ගගහ ආතල් ගන් නැතිව ඉන්න එක හොදයි. පණ්ඩිතකම් දොඩවන කවුරුත් ගැනියක් දුන්නොත් නිකන් ඉන් නැනේ මොනවද මේ කියන කතා.

:       40       11

Rexi Tuesday, 08 November 2022 09:58 PM

ලැජ්ජාව නැති වුන් ඉහළ තැන්වලට ආවම සරම උස්සලා මුත්‍රා කරනවා.

:       3       44

de silva Wednesday, 09 November 2022 12:29 AM

මේවට ගෙවන්න සහ අනෙකුත් වියදම් වලට අවම වශයෙන් ඩොලර් ලක්ෂයක්වත් වියදම් වේවි.

:       0       0

de silva Wednesday, 09 November 2022 12:41 AM

උසාවියෙන් මිනීමරුවන්ට, කප්පම් ගැනීමට වරදකරු වුන පුද්ගලයෝ ඇමතිකම් මන්ත්‍රීකම් දරන ආණ්ඩුවක්.

:       0       0

Demuni de Silva Wednesday, 09 November 2022 03:37 AM

ඇමතිතුමනි, මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය මැදිහත්වීම අගය කරනවා!

:       3       1

Sunil Wednesday, 09 November 2022 04:18 AM

මෙ වගෙ ක්‍රීඩකයොත් එකයි, ඔවුන්ව රකින ඇමතිවරුත් එකයි. විනයක් නැති කලකන්නි. තමන්ගෙ වාසියට පරාක්‍රම සමුද්‍රයෙ බැම්ම වුවත් මකබෑ කරයි.

:       0       2

LGPJ Wednesday, 09 November 2022 07:01 AM

ඒ ක්‍රිකට් ක්‍රීඩකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වඩාත් හොඳයි.

:       0       4

sharm warn Wednesday, 09 November 2022 09:28 AM

සුසන්තිකාට වගේ තහනම් උත්තේජක කතාවක් නෙමෙයිනේ. අනිත් එක මේ පලවෙනි වතාවත් නොවෙයිනේ.

:       3       9

sampath Wednesday, 09 November 2022 09:54 PM

සත පහක් ජනතාවගේ සල්ලි වියදම් නොකළ යුතුයි. අදාල ක්‍රීඩාව විතරක් කළා නම් ඔය ප්‍රශ්නෙ එන්නේ නෑනේ. දැන් ඒවට පළි බදු ගෙවන අහිංසක මිනිස්සුද? ක්‍රීඩකයෙකයොයි ක්‍රීඩා සංගම් වල අයයි එකතු වෙලා අරමුදලක් හදන්න කැමති ක්‍රීඩා ලෝලීන් මුදල් වියදම් කරයි.

:       0       0

Santhu Sunday, 13 November 2022 02:26 PM

සමහර විට බල කිරීමකුත් ඇතිද දන්නෑ. ඔහු බේරා ගන්න වියදම් කරන්න කියලා මොකද ඔය මණ්ඩලවල ඉන්න අයත්, ඊට සම්බන්ධව රට යන කවුරු කවුරුත් යන තැන් ගැන එළියට ආවොත් එහෙම... අනික ධනුෂ්කගේ දෙමාපියන්ගේ අදහස් ගැන මොකටද මේ කරුණ ගැන?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site