IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ද. ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7 ක්

නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති පළමු දකුණු ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් හතක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. ඉන්දියාවට පමණක් දෙවැනි වු ශ්‍රී ලංකා පිල රිදී පදක්කම් 11 ක් සහ ලෝකඩ පදක්කම් පහක් ද දිනා ගනිමින් අන්තර්ජාතික බර ඉසිලීමේ තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වාර්තා කළේය. කමල් බණ්ඩාර (කි.ග‍්‍රෑ. 56) ස්නැච් ක‍්‍රමයෙන්, සංගීත් විජේසුරිය (කි.ග‍්‍රෑ. 56) ස්නැච් සහ එකතුව මෙන්ම ශෂික ලියනාරච්චි (කි.ග‍්‍රෑ. 62) එකතුවෙන් ද රන් පදක්කම් දිනා ගැනීමට සමත්වුහ. කාන්තා තරගාවලියේ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතියෙන් ධම්මිකා හරිස්චන්ද්‍ර එහිදී රන් පදක්කම් තුනක් දිනා ගත්තාය. තරගාවලියට සහභාගිවු රොමේෂ් අමරසේකර (කි.ග‍්‍රෑ. 85), නීල් පෙරේරා (කි.ග‍්‍රෑ. 85), දිනුදා අබේසේකර (කි.ග‍්‍රෑ. 48), චමරි වර්ණකුලසුරිය (කි.ග‍්‍රෑ. 53) සහ නදීෂානී රාජපක්‍ෂ (කි.ග‍්‍රෑ. 58) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සෙසු පදක්කම් දිනා ගත්හ. නේපාල බර ඉසිලීමේ සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට සත්කාරක නේපාලය, ඉන්දියාව, පාකිස්තානය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින යන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගිවෙති. සංචාරක ශ්‍රී ලංකා පිල අද (26) දිවයිනට පැමිණියේය.



අදහස් (0)

ද. ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7 ක්

අසංක Thursday, 29 March 2012 02:28 PM

ලංකාවේ ජීවන බර උසුලන අපිට මීට වඩා බරක් වුනත් උසුලන්න පුලුවන්. මගෙන් සුබපැතුම් !

:       0       0

රෝහණ Tuesday, 27 March 2012 09:17 AM

හොද දක්ෂතාවයක්. මම මෙයට සුබ පතනවා. ඉදිරියටම යමු.

:       0       0

වෙලගෙදර Tuesday, 27 March 2012 02:38 PM

එල එල

:       0       0

රාවණ Tuesday, 27 March 2012 03:00 PM

අහන්න දෙයක් නෑ අපිට ජීවන බර උහුලන්න හොදට පුරුදුයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site