IMG-LOGO

දේශීය මුං ගොවීන්ගේ අඳෝනාව

(කාංචන කුමාර ආරියදාස)

දේශීය මුං  අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි දේශීය මුං ගොවීහු පවසති. 

පසුගිය කන්නේ මුං ඇට ඇස්වන්න නිවෙස්වල තබාගන දෙවැනි කන්නේ ද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීහු විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම  තත්ත්වයට හේතුව බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති

මාතලේ විල්ගමුව ප්‍රදේශයේ බහුලව ගොවීන් දේශීය මුං ඇට, කවුපි, උඳු ,තල ආදී ධාන්‍ය වර්ග වගා කරති.

ගොවින් සඳහන් කරන්නේ මේ වන විට විදේශීය රටවලින් ගෙන්වන ලද මුං ඇට විශාල වශයෙන් වෙළඳපොලේ පැවතීම නිසා තමන් දේශීය නිෂ්පාදනය කරන ලද මුං ඇට කිලෝවක් රුපියල් 400ක මිලකටවත් අලෙවි කර ගැනීමට නොහැකි බවය.

ඒ අනුව තම නිෂ්පාදන නිවෙස්වල ගොඩ ගසාගෙන ඇත්තේ පසුගිය වසරේ දහවැනි මාසයේ සිට බවද ඔවුන් කියති .

කිසිදු පාලන සමයක මුං ඇට අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අපහසුතාවයකට පත්වන්නට නොවූ බවත් සෑම වසරකම රුපියල් දහසක ආසන්න මිලයකට මුං ඇට අලෙවි වූ බවත් ඔවුහු පෙන්වා දෙති.



අදහස් (4)

දේශීය මුං ගොවීන්ගේ අඳෝනාව

ukran Friday, 20 June 2025 08:41 AM

දැන් කට්ටිය එකතු වෙලා ගොවින්ගේ නායකයා කියලා පච ගොයියෙක් රජ කරගෙන විඳින දුකක්. ඕකත් ගිය ආණ්ඩුවේ වැඩක් කියලා අත පිහදාගෙන . එච්චරයි, පුළුවන්.

:       2       10

අමා Friday, 20 June 2025 09:05 AM

පසුගිය වසරෙ දහවෙනි මාසෙ ඉදන් ගෙදර තියාගත්තනන් ඒකට වගකියන්න ඕන පසුගිය රජය.ප්‍රසාදිනී රජය ඒවට පලි නෑ.

:       6       2

prasanna Friday, 20 June 2025 11:48 AM

මුං ඇට වෙළඳපොලේ කියන තරම ලාබ නැහැ... කිලෝ 01 800/=

:       0       1

sunil Friday, 20 June 2025 02:09 PM

මුං ඇට සිල්ලර මිල කිලෝවක් රුපියල් 700කට වැඩියි. අතරමැදියා විශාල ලාභයක් ගන්නවා. අනික් පැත්තෙන් සියලුම එළවලු වල මිලත් ඉතා අධිකයි. අතරමැදියාගෙන් මුදවාගෙන සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලැබෙනවා නම්... එළවළුවක් ලෙස මුං ඇට භාවිතා කරන්නත් පුළුවන්... රස මෙන්ම ගුණයෙනුත් අනූනයි. බැදපු මුන් ඇට පියලි උයලා ව්‍යංජන හදනවා ඉස්සර. දැන් ඉන්න ප්‍රජාව ඕවා දන්නෙත් නැහැ. ඒ ගොල්ලන් මස් පස්සේ යාම පමණයි කරන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1965 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 620 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 701 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site