(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහරේ ගමන් කළ “භානුක” නැමැති අලියකු හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.
කුලප්පු අලියා පහර දීමෙන් ඇත් ගොව්වකු තුවාල ලබා ඇති අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
ඉකුත් මාර්තු මස 21 වැනි දින දෙවීනුවර දේවාලය ඉදිරිපිට දී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ ස්ථානයේ දී මෙම අලියා කුලප්පු වීම වීශේෂත්වයක් විය.
කෙසේ වෙතත් ඒ සමග පෙරහර නැරඹීමට පැමීණි පිරීස හිස් ලූලු අත දිව ගිය අතර එම නිසා දැඩි කලබලකාරී තත්වයක් ඇති වී තිබුණි.
පෙරහර ගමන් කිරීමද ටික වේලාවකට අඩාල විය.පසුව අලි ඇතුන් ඉවත් කොට පෙරහැර ගමන් කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගන්නා ලදි.
කතරගම සිට රැගෙවිත් තිබු “භානුක” නැමැති අලියකු එසේ කුලප්පු වී තිබුණි. මැදමුලන පදිංචි තුවාල ලැබු ඇත් ගොව්වාගේ තත්වය බරපතල නොවන බව මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
කෙසේ වෙතත් සෙසු ඇත් ගොව්වන් හා වන ජීවී නිලධාරීන් එක්ව කුලප්පු වු අලියා දැඩි පරිශ්‍රමයක් යොදා මෙල්ල කර ගන්නා ලදි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දෙවිනුවර පෙරහරෙ අලියකු කුලප්පු වේ