IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


දෙණියායේ වූ මාරක අනතුර

(එස්.ඩී.කොඩිකාර)

දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගල්දොළ මංසන්දිය ආසන්නයේ දී ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් රියදුරු අද (21) සවස මියගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දෙනියාය පාර,හිඟුරු පනාගල, කොටපොල ලිපිනයේ පදිංචි කංකානම් විතාරනගේ නලින් නැමති (47) හැවිරිදි ත්‍රී රෝද රථයේ රියදුරු බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.

අනතුර අද (21) ප.ව.5.15 ට පමණ සිදු වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලොරි රථය දෙනියාය ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට අයත් වෙළඳ සැලකට ආහාර ද්‍රව්‍ය තොගයක් බෙදා හැර නැවත යමින් සිටින අවස්ථාවේදී මොරවක ප්‍රදේශයේ සිට ඉදිරියට පැමිණි ත්‍රී රෝද රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි කොස් මෝදර පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

 



අදහස් (0)

දෙණියායේ වූ මාරක අනතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site