
(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබේ. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 16 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4 ක් ද අවලංගු කර තිබේ.
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර අවලංගු නොවන අතර අද පස්වරුව වන විට අවලංගු වන ගමන්වාර සංඛ්‍යාව වඩා ඉහළ යනු ඇතැයි දුම්රිය වෘත්තය සමිති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි දෙපාර්තමේන්තුවට මහජන බදු මුදල් වසරකට කෙතරම් ප්‍රමාණයක් වියදම් කරනවාද? නමුත් අඩුම තරමින් ඉන් 10%ක් කාටවත් සරිලන සේවයක් රටට ලැබෙනවාද? පොදු මගී ප්‍රවාහන සේවාවක් රියැදුරන්ට හෝ අනෙකුත් සේවකයින්ට වුවමනා විදිහට හිතෙන හිතෙනා හැටියට නවත්වන්න පුළුවන් නම් රජ ඇතුළු බලධාරීන් මොකටද? කොටින්ම කියනවා නම් මේ ආයතනය තියෙන්නේ එහි සේවය කරන අය හා ඔවුන්ගේ පවුල් නඩත්තු කරන්න විතරයි. මාලිමාවේ මහත්වරුනි, ඔබලා හපන්නු කියලා කියන්න පුළුවනි මෙන්න මේ ආයතනය රටට වැඩක් ඇති ආයතනයක් කළොත්...