( තිලකරත්න දිසානායක)
දුම්රියකින් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කොට දිනකට පසුව මිය ගියේ යැයි සිතූ 72 හැවිරිදි පුද්ගලයා ගාලු මුවදොර උද්ඝෝෂණයට ගොස් නිවෙසට එද්දී ඔහුගේ සොහොයුරා සහ අසල්වැසියන් බියටත් පත්වී මේ සිද්ධියක් ගම්පහ, ඔරුතොට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
පසුගිය 5 වෙනි දින ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු කලුපාලම අසලදී දුම්රියකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇති අතර එම තැනැත්තා තම සොහොයුරා බවට හදුනාගැනීම මත මරණ පරීක්ෂණය සහ පොලිස් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ සොහොයුරා විසින් බාර ගැනීමෙන් පසුව අවසන් කටයුතු 6 වෙනි දින සිදු කොට ඇත.
අවිවාහකයන් වන 72 හැවිරිදි මොහු සහ තමන් එකට ජීවත්වන බවත් පසුගිය දිනෙක පිළියන්දල යන බව පවසා ගිය අතර යළි නොපැමිණීම මත සොයා බලමින් සිටියදී දුම්රියකින් වැටී මියගිය පුද්ගලයකු පිළිබඳව ආරංචියක් ලැබීම මත 5 වෙනි දින රාත්‍රී 7 ට පමණ කලුපාලම අසලට ගොස් බැලීමේදී මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට හදුනාගත් බවත් ඔහුගේ සොහොයුරා පැවසීය.
පසුදින ගම්පහ රෝහලේදී පැවති මරණ පරීක්ෂණයෙන් සහ අධිකරණය වෛද්‍ය පරීක්ෂණය මෙන්ම පොලිස් පරීක්ෂණයෙන් පසුවද මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට හදුනා ගැනීම මත අසල්වැසියන්ද සමග එක්ව 6 වෙනි දින අවසන් කටයුතු සිදු කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසීය.
මියගිය තම සොහොයුරාගේ හත් දවසේ දානය සූදානම් කරන අන්දම සිතමින් සිටියදී සොහොයුරා නිවසට පැමිණෙනු දැක තමන් භීතියට සහ විශ්මයට පත්ව සොයුරාගෙන් තොරතුරු විමසීමේදී තමන් පිළියන්දලට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ගාලු මුවදොර පැවැත්වෙන උද්ඝෝෂණ භූමියට යාමට සිතුනු නිසා එහි ගොස් කාලය ගත කොට මෙලෙස ආපසු පැමිණි බව සිද්ධිය විස්තර කළ බාල සොහොයුරා සදහන් කළේය.
තම වැඩි මහල් සොහොයුරා මෙන්ම සරමක් සහ කමිසයක් හැද සිටි අනතුරට පත්ව සිටි තැනැත්තා තම සොහොයුරාගේම හැඩරුවට සමාන බව ඔහු පැවසු අතර තමන්ද ප්‍රදේශවාසීන්ද මියගොස් සිටි තැනැත්තා තම සොහොයුරා බවට තීරණය කළ බවත් ඔහු පැවසීය.
2025 නොවැම්බර් මස 04
206
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රියෙන් වැටී මැරුණැයි කී අය භූම දානයට පසු දා ගෙදර ඇවිත්