IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


දියවැඩියාව පාලනයට ආහාර පිරමීඩයක්

(කොළඹ ජාතික රෝහලේ රක්තවාත සහ පුනරුත්ථාපන අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය හිමන්ත අතුකෝරල)

දියවැඩියාව අප රටේ බෙහෙවින් ව්‍යාප්තව පවතින බෝ නොවන රෝග කාණ්ඩවලට අයත් රෝගයකි. දියවැඩියාව පාලනය කිරීම සඳහා ඖෂධ භාවිතා කරන අතර දියවැඩියාව පාලනයට උචිත වන්නේ කුමනාකාරයේ ආහාර වේලක්ද යන්න රෝගීන් අපෙන් නිරතුරුව අසන ප‍්‍රශ්නයකි.

”සීනි කන්න එපා” කියූ පමණින් දියවැඩියාව සඳහා උචිත ආහාර වේල පිළිබඳ විස්තර සම්පූර්ණ වන්නේ නැත. දියවැඩියාවට සුදුසු හිතකර ආහාර වේලක් පිළිබඳව විස්තර සැපයීම මෙම ලිපියේ අරමුණයි.

දියවැඩියා රෝගියකුට දිනකට කොපමණන කැලරි ප‍්‍රමාණයක් අවශ්‍යද?

දිනකට දියවැඩියා රෝගියෙක් සඳහා කැලරි 1500න්‍ ත් 1800න්‍ ත් අතර ප‍්‍රමාණයක් අඩංගු ආහාර වේලක් අවශ්‍යවේ. එයින් 60% කාබොහයිඩ්‍රේට්/පිෂ්ඨය මාර්ගයෙන්ද 20%ක් තෙල් සහ මේද ආශි‍්‍රතවද 20% ක් ප්‍රෝටීන් මාර්ගයෙන්ද ශරීරයට ලැබිය යුතුය. ආහාර වේල් මගහැරීමෙන් දියවැඩියාව පාලනය වන්නේ නැත. එමෙන්ම එක් ආහාර වේලක් අධික ප‍්‍රමාණයෙන් ගෙන සෙසු ආහාර වේල්වල අන්තර්ගතය අවම කිරීමද දියවැඩියාවට අහිතකරවනු ඇත.

දියවැඩියා රෝගියකුට සුදුසු ආහාර මොනවාද?

මේ සඳහා දියවැඩියා ආහාර පිරමිඩය භාවිතා කිරීම යෝග්‍ය යැයි සිතමි. මෙම ආහාර පිරමිඩයේ පාදය ආශි‍්‍රතව ඇති ආහාර වර්ග දියවැඩියාව පාලනයට ඉතාමත් යෝග්‍යවන අතර මුදුනේ ඇති ආහාර වර්ග දියවැඩියා පාලනයට අහිතකර වේ. මෙම ආහාර පිරමිඩයේ වේල් වශයෙන් හඳුන්වන්නේ සම්පූර්ණ ආහාරල වේලක් නොව ඉන් කොටසකි. ආහාර පිරමිඩය සමන්විත වන්නේ මෙකී ආහාර කොටස් දිනකට අවශ්‍ය ප‍්‍රමාණය අනුව ගණනය කිරීමෙනි.

මෙය තව දුරටත් සරලව විස්තර කර දෙනවා නම්?

ධාන්‍ය, ඇට වර්ග සහ පිෂ්ඨය සහිත ආහාර වේලකට/ආහාර කොටසකට

·         පාන් පෙත්තක් (පරළු පාන්)

·         පිසගත් කඩල/කව්පි/මුංඇට/බඩඉරිඟු/පරිප්පු/ සෝයා ඇට කෝප්ප 1/2 ක්

·         තම්බා පිසගත් අල කෝප්ප 1/2ක්

·         සුප් කෝප්පයක්

·         බත් කෝප්ප 1/3 ක් අයත් වේ.

දිනකට ඉහත සඳහන් ආහාර කොටස් 6 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් කෑමට ගත හැක.

පලතුරු වේලකට

·        පලතුරු ග‍්‍රෑම් 70 ක්

·        පලතුරු යුෂ කෝප්ප 1/2 ක් සීනි රහිතව

පලතුරු වේල් 3ක් පමණ දිනකට ගැනීම යෝග්‍ය වේ.

එළවළු වේලකට

·        පළාවර්ග කෝප්ප 1 ක්

·        අමු එළවළු කෝප්ප 1 ක්

·        පිසගත් එළවළු කෝප්ප 1/2 ක්

·        එළවළු යුෂ කෝප්ප 1/2 ක් අයත් වේ.

මෙවැනි වේල් 3x5 ත් අතර සංඛ්‍යාවක් දිනකට ආහාරයට ගත හැක.

මස්මාංශ වේලකට

·         බිත්තර 1 ක්

·         මාළු කෝප්ප 1/2ක්

·         මාංශ අවුන්ස 2 ක් අයත්වේ. මෙයින් වේල් 2x3 ක් දිනකට ගැනීම ප‍්‍රමාණවත් වේ. එහෙත් මස් මාංශ ආහාර වේල තෙල් අධික බැවින් මෙම ආහාර වේලෙන් වැළකී සිටීම ශරීරයේ මේදය තැන්පත්වීම වළක්වාලයි. නිර්මාශ ආහාර වේලක් දියවැඩියා රෝගීන්ට ඉතාමත් උචිත බව පැවසිය යුතය.

කිරිවලින් සකස් කරගත් ආහාර වේලකට

·         කිරි කෝප්ප 1 ක්

·         සීනි රහිත යෝගට් කෝප්ප 1 ක්

·         පැණි/සීනි රහිත මුදවාපු කිරි (යොදය නොමැතිව) කෝප් 1/2 ක් අයත්වේ.

මෙවැනි ආහාර වේල් 2 ත් 3 ත් අතර දිනකට ගැනීම උචිත වේ.

සීනි සහ කැවිලි වර්ගවලට

·         කේක්

·         සීනි දැමූ තේ/කෝපි/කිරි

·         කැවුම්, කොකිස්, පැණි වළලූ

·         අයිස්ක‍්‍රීම්

·         සීනි සහිත යෝගට්

·         සිසිල් බීම

·         ටොෆි, චොකලට්

·        මත්පැන් අයත්වේ. පිරමිඩයේ මුදුනේ ඇති මෙම ආහාර වේල් දියවැඩියාවට අහිතකර ආහාරවලට අයත්වේ.

මතක තබා ගන්න

ඉහත දත්ත අනුව කෑම වේලක් ඔබට ඉතා පහසුවෙන් සකස් කරගත හැක. පිරමිඩයේ පාදාසනයේ ඇති ආහාර වර්ග ඊට රිසිසේ ඇතුල් කරගත යුතුය. එහෙත් පිරමිඩයේ මුදුන් ස්ථර දෙකෙහි ආහාර වර්ග ඊට ඇතුළු කර ගැනීමේදී ප‍්‍රවේසම් විය යුතුය. සතියකට වේල් 21 ක් මේ අනුව සාදා ආහාරයට ගෙන බැලිය හැකිය. දියවැඩියාව පාලනයට දියවැඩියා ආහාර පිරමිඩය ඔබට උදව් දෙනු නොඅනුමානය.

 



අදහස් (0)

දියවැඩියාව පාලනයට ආහාර පිරමීඩයක්

ප්‍රියංගිකා Sunday, 13 September 2015 08:59 AM

ගොඩක් වැදගත් මෙම අදහස්. (නි)

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site