
(ගයාන් සූරියආරච්චි)
ත්‍රිකුණාමලය කොට්ඨාස ගබඩාවේ සේවය කරන පොලිස් සැරයන්වරයකුගේ දියණියක සමග ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ස්ථානාපතිවරයා හිතවත්කම් පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමකින් ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ස්ථානාපතිවරයා සහ ත්‍රිකුණාමලය කොට්ඨාස ගබඩාවේ සේවය කරන පොලිස් සැරයන්වරයා කැපුම් තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇති බව වරාය ත්‍රිකුණාමලය පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ස්ථානාපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයෙකි.
ත්‍රිකුණාමලය පරණ පොලිස් සංකීර්ණය තුළදී මෙම ගැටුම ඇතිවී ඇති අතර මෙම නිලධාරීන් දෙදෙනාගේ නිල නිවාස එකම ගොඩනැගිල්ලක වෙන් වශයෙන් පිහිටා ඇති බව පොලිසිය කියයි.
ත්‍රිකුණාලමය ත්‍රස්ථ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සැකකාර පොලිස් සැරයන්වරයාගේ දියණිය සමග හිතවත්කම් පවත්වා ඇති අතර ඊට කෝපයට පත් සැරයන්වරයා ඒ පිළිබදව විමසීමේදී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් අතරතුරදී මෙම ගැටුම ඇතිව තිබූ බව පොලිසිය කියයි.
එම නිලධාරීන් දෙදෙනා අතර ඇති වූ ගැටුමෙන් ත්‍රිකුණාමලය කොට්ඨාස ත්‍රස්ථ විමර්ශන උප ඒකකයේ ගොඩනැගිල්ලේ ඉදිරිපස වීදුරු දොර සහ නාන කාමරයේ වීදුරු දොර බිදී හානි සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම නිලධාරීන්ගේ දෙදෙනාගේ ගැටුම සිදුවන අවස්ථාවේදී පොලිස් සැරයන්වරයාගේ පුතා ද එම ගැටුමට සම්බන්ධවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර ත්‍රිකුණාමලය වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දියණියට ඇලුම් පෑවට සැරයන් පියායි එස් අයි වලියක
බණ්ඩාර Saturday, 15 November 2025 02:11 PM
තාත්තා නැති වෙලාවක කොටුව පැන්නා නම් ඉවරයි.