IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දියකැපිල්ල කනිටු විදුහලට ලොකු කැපිල්ලක්

(කාංචන කුමාර ආරියදාස)

ලොව අටවන පුදුමය ලෙස හඳුන්වනු ලබන සිගිරි පව්ව පෙනෙන මානයේ පිහිටා ඇති දියකැපිල්ල ප්‍රාථමික විදුහල වැසී යෑමේ අවදානමක් පවතින බව මව්පියෝ පවසති.

ප්‍රවාහන පහසුකම්, ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙම පාසල වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇත. එතරම් දුෂ්කරතා මැද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් තිදෙනා ඉහළින්ම දක්ෂතා දක්වා ඇත. හැම දරුවෙක්ම ලකුණු සියයේ සීමාව පන්නා ඇත.

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දියකැපිල්ල ප්‍රාථමික විදුහල දශක හතරක සිට දරුවන්ට සිප් සතර කියා දෙයි.

එක වසර සිට පහ වසර දක්වා මෙහි පන්ති පැවැත්වේ.

මේ වන විට මේ පාසලේ මුළු සිසුන් සංඛ්‍යාව නමයකි. පහ වසර පන්තියේ දරුවන් තිදෙනෙකි. කිසිදු උපකාරක පංතියකට නොගොස් විදුහල්පති තුමිය සහ තවත් ගුරුවරියක් විසින් ඉගැන්වීම් කටයුතු කොට පහ වසර ශිෂ්‍යත්වයේ ලකුණු එකසිය තිස් නමය, එකසිය විසි අට ,එකසිය අට, ප්‍රමාණයෙන් ලබාගෙන ඇති බව මව්පියෝ පෙන්වා දෙති

එවැනි දක්ෂ ලෙස ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන පාසලේ තවත් දින කිහිපයකින් පහ වසරේ පන්තියේ සිටින සිසුන් තිදෙනාම ඉවත්ව යන්න බවත් වීවිධ හේතූන් සහ පංතියේ තනිවම සිටීමට නොහැකි බව ප්‍රකාශ කරමින් තවත් දරුවන් තුන් දෙනෙකු වෙනත් පාසලකට රැගෙන යෑමට එම මව්පියන් තීරණය කර ඇත.

එසේ වූ විට පාසලේ ඉතිරි වන්නේ තවත් දින කිහිපයකින් දරුවන් හතර දෙනකු පමණක් බව මව්පියෝ පෙන්වා දෙති

දියකැපිල්ල ගම්මානය පිහිටා ඇති දඹුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් විශාලතම ග්‍රාම නිලධාරී වසම වන මයිලත්තෑවේය.

සීගිරිය සිට කිලෝමීටර් තුනක් පමණ කැලෑ බඳ ප්‍රදේශයකට වන්නට මෙම ගම පිහිටා තිබේ. මයිලත්තෑව සිට පාසලට ගමන් කිරීමට කිලෝ මීටර් හයක් හතක් පමණ තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

එම ප්‍රදේශවලින් දරුවන්ට දියකැපිල්ල පාසලට ගමන් කිරීමට කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැත. ගමට පිවිසුම ඇති ප්‍රධාන මාර්ගය පවා දැඩි ලෙස අබලන්ව පවති. දිවා කාලයේ පවා වන අලින් ගැවසෙන බව මව්පියෝ පෙන්වා දෙති

 



අදහස් (2)

දියකැපිල්ල කනිටු විදුහලට ලොකු කැපිල්ලක්

Pradeep Kumara Saturday, 25 January 2025 08:47 AM

තව දින කීපයකින් පහ වසර සමත් වූ දරුවන් තිදෙනාද පාසල හැර ගිය පසු ඉතිරි වන්නේ දරුවන් හය දෙනෙකු පමණි. ඉතින් මේ දරුවන් හය දෙනෙකු වෙනුවෙන් පාසලක් පවත්වා ගත යුතුද? එම දරුවන් ආසන්න වෙනත් පාසැලක් වෙත යොමු කර විදුහල්පතිතුමිය සහ ගුරුතුමියත් වෙනත් පාසලකට යොමු කිරීමයි හොඳම වැඩේ. පන්තියක ළමයෙක් දෙන්නෙක් සිටිනාවිට කිසිඳු තරඟකාරී බවක් නොමැති නිසා දරුවන් හරි හැටි ඉගෙනීම් සිදු නොකරයි...!

:       0       4

Duminda Udayakumara Sunday, 26 January 2025 07:20 PM

මේ දරුවන් ළඟම තියෙන හොඳ පාසලකට අනුයුක්ත කරලා ප්‍රවාහන පහසුකම් දෙන්න. මාසයකට 10000ක් දුන්නත් පාඩු නෑ. මොකද පාසල පවත්වාගෙන යන්න තියෙන වියදම අවම මාසෙකට ලක්ෂ 3ක් වත් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site