(තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , යොහාන් බාසුර )
තේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
අගාරපතන වැවිලි සමාගම , ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනෙක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රබාත් චන්ද්‍රකීර්ති , තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය රජයට කරන්න පුළුවන් කොටස කළා. දැන් කම්කරුවන් වතුසමාගම් සමග කොටස බේරා ගන්න. එක්කෝ වතු සමාගම් මේක කරන්න බැහැ කියලා වතු කර්මාන්තය අත්හැරලා දාවි නැති නම් තේ මිල වැඩිකර ලංකා තේවලට තිබෙන ඉල්ලුම නැතිකර ගනීවි. ඔය දෙකෙන් කෝක සිද්ද වුනත් කෙලවෙන්නේ රටටය.
රටේ මිනිස්සුන්ට තියෙන්නෙ ජීවත් වෙන්න අමාරුකම. ජීවන වියදම කවදාවත් නැති තරම් ඉහල ගිහින්. රටක් දියුණු කරන්න පුඑවන්ද ජීවන වියදම අධිකනම්.