IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


දළ පුට්ටාව ඝාතනය කළ හය දෙනා රිමාන්ඩ්

ගල්ගමුවේ දළ පුට්ටුවා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනා සහ ඝාතනය සිදු කළ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (1) මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දෙසැම්බර් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත් නියෝග කළේය.

නිකවැරටිය සහ අඹන්පොළ  පොලිස් ස්ථානවල අපරාධ පරික්ෂණ නිලධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මොවුන් සතුව තිබී ඇත් දළ කැපීමට යොදාගත් කියත් 3ක්,අත් කියතක කොටසක්,ඇත් දළ වලින් සෑදු සිංහ රූප සහිත පෙන්ඩන්ට් දෙකක්, ඇත් දළ වලින් නිර්මාණය කළ සුරයක්, ඇත් දළ කොටසක් සහ කුඩා ගජමුතු එකක් සොයා ගෙන ඇත.  



අදහස් (12)

දළ පුට්ටාව ඝාතනය කළ හය දෙනා රිමාන්ඩ්

Raveendra Friday, 01 December 2017 12:38 PM

ගල්ගමුවේ ඇත්‍ රජු වුයේ මෙමාය... ඉදහිට කුඩු කලෙමි වාහන නැතිවෙන්න.... ඇස කණ වුනෙත් හිත් පිත් නැති උණ්ඩයට ... දල දෙක නිසා නැතිවුණි මගේ ජීවිතය......

:       0       430

ජයරත්න Friday, 01 December 2017 12:55 PM

මිනිස්සු කතා නොකරන්නේ මේ වගේ අපරාධ එක්ක මිථ්‍යාව මොනතරම් සම්බන්ධයි ද කියන එක. ජෝතිෂවේදියෝ එළිපිටම කියනවා ගජමුතු ළඟ තිබුනොත් සියලු සැප සම්පත් ලැබෙනවා කියලා. මේවා මාධ්‍යවල පලකරනවා කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව... ඉල්ලුම අධික නම් සැපයුමත් කොහෙන් හරි එනවා.

:       0       348

abaranSaturday, 02 December 2017 01:26 AM

දැන් ඔන්න ගජමුතු ළඟ තබා ගැනීමේ ප්‍රතිවිපාකය ළඟදීම ලැබේවි. ආදර්ශයට ගත යුතුයි..

:       0       117

Eka elle Friday, 01 December 2017 01:53 PM

මේ අයට කිසිම නිදහසක් නොදී ඉක්මණින් නඩු අසා ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිතව හිරේ දැමිය යුතුයි.

:       0       241

කමනි Saturday, 02 December 2017 01:57 AM

ජයරත්න කියන එක හරියටම හරි. ඒවා ගැන කවුරුත් කතා කරන්නේවත් නැහැ. ඒ වුණාට අදහන්නේ බුදු දහම.

:       0       180

kavantissa Saturday, 02 December 2017 02:14 AM

කවුරුත් කොච්චර අඩි හැප්පුවත් අලියෙක් මරුවාට මිනී මරුවෙකුට වාගේ දඬුවම් කරන්ට නීතියෙන් අවසර නෑ අපේ ලංකාවේ. ඉස්සර වෙලා නීතිය හරිගස්සා ගත යුතුයි.

:       0       73

Ranja Saturday, 02 December 2017 02:48 AM

මේ අපරාධයට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. මුදල් වෙනුවෙන් මිනිසුන්ට, සතුන්ට, ස්වභාව ධර්මයට හානි කරන්නවුන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. නීති මහතුන් පෙනී සිටි ම නොකළ යුතුයි.

:       0       61

senewi Saturday, 02 December 2017 06:41 AM

මෙම අපරාධ කරුවන් සැඟවූ ආයුධ පෙන්වන්න රැගෙන ගොස් ඉවරයක් කරලා දැම්ම නං අහවරයි.

:       103       263

sisira Saturday, 02 December 2017 12:05 PM

මේ අමන වැඩේ කරපු නරුමයන් හැම කෙනාගෙම දත් තිස් දෙකම එකින් එක අමු අමුවේම ගලවා දැමිය යුතුයි.

:       0       0

Ssmpath Saturday, 02 December 2017 12:30 PM

කිසිම කෙනෙක් අපරාධ කාරයෙක් කරන්න බැහැ. නඩු විභාගයකින් තෝරලා.. මේ අය සැකකරුවන් විතරයි. ඇත්තටම කරපු අය ඉන්නත් පුළුවන්.. නොවෙන්නත් පුළුවන්... නියම අපරාධය කළ අය සොයා නඩු අවසාන වන තෙක් සියලුදෙනා නිවැරදිකාරයන් බවට පූර්ව නිගමනය කරයි.

:       0       36

Ranjan Saturday, 02 December 2017 12:34 PM

ලංකාවේ මිනිසුන් පම්පෝරි ගහනවා අවුරුදු 2500 ක් ඉතිහාසයක් ගැන. නමුත් අදටත් කරන්නේ තිරිසනුන්ට වැඩ අන්ත වැඩ. මිනිසත්වයක් ලබන්න තව කොච්චර කලක් යාවිද සිංහලුන්ට. බුද්ධාගමට මොකද වෙලා තියෙන්නේ?

:       0       0

Neville Saturday, 02 December 2017 12:57 PM

මේ කල අපරාධයට සොබාදහම කම්පා වී මහා කුණාටු, සුනාමි, වැනි දේවල් ඇතිවී මුළු ලංකාවම වැනසෙනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් සිදුවෙනවා. 2004 දෙසැම්බර් 26 සුනාමියට පෙර ඒ ගැන මම ලිව්වා. මෙවරත් මහා විනාසයක් සිදුවී බටහිර පළාතම නැතිවෙනවා. මහා කඳු කඩා වැටී විසල් මිනිස් ඝාතනයක් සිදුවෙනවා. මොනවා කලත් මෙම විනාශය නවත්තන්න බැරි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27370 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18176 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10880 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 637 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 846 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site