IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දළදා මාළිගාව ළඟත් රට මත්පැන් විකුණා අසුවේ

දළදා පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය තුළ සියලු සුරාසැල් වසා තැබීමට සුරබදු කොමසාරිස් ජනරාල් වරයා නියෝග කර තිබීයදී මහනුවර නගරයේ  ඩි.එස්.සේනානායක මාවතේ සුපිරි වෙළද සැලක අධික මිළ ගණන් වලට මත්පැන් අළෙවි කළ  ස්ථානයක්  වටලා විදේශිය මත්පැන් බෝතල් 20 ක් සමග  ඒවා අලෙවි කිරිමේ යෙදි සිටි පුද්ගලයෙකු  අත් අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ අපරාධ අංශය කියයි.

සැකකරු මහනුවර පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම ස්ථානය දළදා මාළිගාව පෙනෙන තෙක් මානයේ පිහිටා තිබු බවත්  දළදා පෙරහැර ද මෙම ස්ථානය ඉදිරිපිට මාර්ගයෙන් ගමන් කරන බවත් සුරාබදු නිලධාරිහු  පවසතිි.

දළදා පෙරහැර නිමිත්තෙන් මහනුවර නගරය තුල සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ නියමයෙන්  සියළු සුරාසැල් වසා තබා ඇති මෙම දිනවල අධික මිල ගනන් වලට මෙම ස්ථානයෙන් තිරුබදු නොගෙවු විදේශිය මත්පැන් බලපත්‍ර  නොමැතිව විකුනන බවට  ලද තොරතුරු මත සුරාබදු  නිලධාරියෙකු ව්‍යාජ ගැනුම් කරුවෙකු යොදවා   සැකකරු ඔහුට මත්පැන් බෝතලයක් විකුනන අවස්ථාවේදි අත්අඩංගුවට ගෙන තිබේ.

එම මත්පැන් බෝතලය සදහා සැකකරු රුපියල් අටදහසක මුදලක් අයකර ඇත. පසුව සුපිරි වෙළදසැල පරික්ෂා කිරිමේදි රහසිගතව සගවා තිබු තවත් විදේශිය මත්පැන් බෝතල් 19 ක් සුරාබදු නිලධාරින් සොයාගෙන ඇත.
දළදා පෙරහැර පැවත්වෙන සමයේ සියළු සුරාසැල් වසා තැඛෙන බැවින්  මහනුවර නගරය තුල සුරා අපරාධ සම්බන්ධව වැටලිම් සිදු කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්. කේ.ජි.ගුනවර්ධන මහතා සුරාබදු නිලධාරින්ට උපදෙස් ලබා දි ඇත.

පෙරහැර සමයේ මහනුවර නගරයට පැමිනෙන සංචාරකයින්ට විදේශිය මත්පැන් විකිනිම සිදුකරන බව සැකකරු සුරාබදු නිලධාරින් ඉදිරියේ පාපොච්චාරනය කර ඇත.

වැඩිදුර පරික්ෂණ වලින් පසුව සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වැටලිම සුරාබදු අපරාධ අංශයට ලද තොරතුරු මත සුරාබදු අපරාධ අංශය භාර නියොජ්‍ය  සුරාබදු කොමසාරිස්  ජේ.පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහෙය විම මත සුරාබදු විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති ඒ.ආර්.ලැම්බට්, සුරාබදු පරික්ෂක ඒ.ටි.විරමන්, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිනි, සුරාබදු නියාමක අසංක කල්යාණප්‍රිය ඇතුළු නිළධාරි කන්ඩායමක් විසින් සිදුකර ඇත.

 



අදහස් (0)

දළදා මාළිගාව ළඟත් රට මත්පැන් විකුණා අසුවේ

වයිකෝ Friday, 28 August 2015 04:34 AM

තියන නිවටකම තමයි.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 28 August 2015 04:56 AM

සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා නියෝග කර තිබීම නිසා මිනිසුන් හොරෙන් මේවා විකුණන එක ගැන පුදුම විය යුතු නැහැ. (නදී)

:       0       0

සරත් කුමාර Friday, 28 August 2015 05:17 AM

එතකොට ඔය උපාය දූතයාත් විදේශිකයකු වගේද පෙනිලා තියෙන්නේ ? (බ)

:       0       0

හෆීල් Friday, 28 August 2015 07:35 AM

අර බල සේනාවට මේවා පේන්නේ නැද්ද? (අ)

:       0       0

රන්ජිත් සිල්වා Friday, 28 August 2015 07:42 AM

හුඟක් සරත්ල කරන කියන දේවල් තේරෙන්නේ නැ (අ)

:       0       0

වර්නන් Friday, 28 August 2015 08:00 AM

වෙන දවස්වල මත්පැන් අලවිය සහ පානය කිරීමට ඉඩදී ඇත්නම්, පෙරහැර දිනවල, පෝය දිනවල වසා තැබීමෙන් සිදුවන්නේ හොර ඇලවිය වැඩිවීම පමණි. මෙම නිතිය මහජනයාට රඟපෑමකින් රැවටීමක් මිස කිසිසේත් අනවශ්‍ය නිතියකි. (ම)

:       0       0

පෙරේරා Friday, 28 August 2015 09:28 AM

යල් පැනපු වැඩකට නැති නීති මේවා. (ම)

:       0       0

මොහොමඩ් Friday, 28 August 2015 01:36 PM

සුරාසල් වැසුවාම ආණ්ඩුවට පඩුයි නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site