IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දෙහිවල සතුන් වත්තේ සේවකයෙකුටත් කොරෝනා

(සුජිත් හේවාජුලිගේ )

දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයකුටද   කොරෝනා වයිරසය  ආසාදනය වී ඇතැයි  වන වනජීවී  රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය .

මේ අනුව සත්වෝද්‍යානයේ   සිංහයාට කොවිඩ්  ආසාදනය වී ඇත්තේ මේ සේවකයාගෙන් දැයි   සොයා බලා ගෙන යන බවද ඔහු කීය .

මේ අතර දෙහිවල, පින්නවල හා රිදියගම යන සත්වෝද්‍යාන තුනේම සේවකයන් කොරෝනා  පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා  ආසාදනය වූ සිංහයාගේ තත්ත්වය  මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතින බවත්  සත්වයා යම් ප්‍රමාණයකට  ආහාර ලබා ගන්නා බවත්  රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය .

කෙසේ වෙතත්  සිංහයා සෞඛ්‍යමය වශයෙන් යථා තත්ත්වයට පත්වීමට අඩු තරමින් දින විස්සක්වත් ගතවනු ඇතැයිද   ඔහු කීවේය .

සිංහයාට කොරෝනා ආසාදනය වීමට පෙර  එහි හිපපොටේමස් සත්වයකු හා  සීබ්‍රා පැටවකු මියගොස් ඇති අතර  ඒ සතුන් දෙදෙනා  මියගොස් ඇත්තේ  වෙනත් ආබාධ හේතුවෙන් බවට  අදාළ   මරණ පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයිද  දිසානායක මහතා පැවැසීය .

මේ අතර  සිංහයාට කොරෝනා ආසාදනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන්  විශේෂ  පරීක්ෂණයක් පවත්වන බවත්  එහි අවසන් වාර්තාව දින දෙකකින්  ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවත්  වනජීවි අමාත්‍ය සී.බී රත්නායක මහතා ලංකාදීපයට පැවැසීය.



අදහස් (0)

දෙහිවල සතුන් වත්තේ සේවකයෙකුටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 888 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2519 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site