IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙහිවල දුම්රිය බෝම්බේ තිදෙනෙක් හිරේ

 

දෙහිවල  දුම්රියපොළේදී 1996  ජුලී 27 වැනිදා  බෝම්බ පුපුරුවා මගීන් 64 දෙනකු මරා දැමු කොටි සමාජිකයෝ තිදෙනෙක් අද(04) වරද පිළිගත්තේය.

රොබට් මැක්සිලන්,සවරිමුත්තු යෝගනාදන්, තිරුමගල් නොහොත් රමණි චෝදනා වලට වරද පිළිගත්හ. මැක්සිලන්ට හා යෝගනාදන්ට බරපතල වැඩ සහිතව වසර දහය බැගින්ද රමණිට වසර  පහ බැගින් සිර දඩුවම් නියම විය.

නඩුව විභාග වුයේ කුමුදිනී වික්‍රමසිංහ  කොළඹ මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේදීය.

 සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතීඥයින් කියා සිටියේ ඔවුන් වසර දාසයකට වැඩි කාලයක් සිරගත කර සිටි නිසා දඩුවම ලිහිල් කරනා ලෙසයි.

තිරුමගල්ගේ නීතීඥ ලක්ෂමන් පෙරේරා මහතා  පැවසුවේ   පළමුවැනි විත්තිකරු ඇගේ සැමියා බවයි.ඇය හිරගෙදරදී බිහි කළ දරුවා බලා ගැනීමට කිසිවකු නැතැයිද ඔහු කීවේය.ඇයට පස් අවුරුදු සිර දඩුවමක් නියම විය.

සින්නප්පු සුහරාජා සහ සුප්පයියා සුදර්ශනන්  නිවැරදිකරු බව කී හෙයින් නඩු විභාගය සැප්තැම්බර් 11 වැනි දාට කල් තැබීය.මුලදී චෝදනා එක්දාස්හත්සිය අටක් යටතේ නඩු පවරා තිබිණි පසුව එය චෝදනා දෙක දක්වා අඩු කෙරිණි.

 



අදහස් (0)

දෙහිවල දුම්රිය බෝම්බේ තිදෙනෙක් හිරේ

අජිත් කරුණාරත්න Tuesday, 04 June 2013 07:38 PM

ජීවිත 64ක් මරලා වරද පිලිගත්තාම වසර 10 යි හිරේ... අනේ මන්ද ? (නි)

:       0       0

මංජු Tuesday, 04 June 2013 07:47 PM

අපේ රටේ උන්ට මේ කිසි දෙයක් දැන් මතක නැතෝ.(නදී)

:       0       0

තබුක් සිල්වා Tuesday, 04 June 2013 08:33 PM

මෙහේ අවුරුද්දක් සිර කරලා ලබන අවුරුදදේ වෙසක් එකට දකුණ පැත්තට අරගෙන යන්න.(නදී)

:       0       0

විපුල් Tuesday, 04 June 2013 09:59 PM

සාමාන්‍ය මිනිහෙක් කාව හරි මැරුවොත් අඩුම අවුරුදු 20ක් විතර හිරේ ඉන්න වෙනවා. මෙයාලා 64 දෙනෙක්ව මරලත් වැඩිම අවුරුදු 10යි. තව කී දෙනෙක්ට තුවාල උනාද. මරණ දඩුවමවත් දිය යුතුයි නේද? (නදී)

:       0       0

නිමල් පුනාන්දු Tuesday, 04 June 2013 04:21 PM

ජිනීවා මෙන්න සාමාන්‍ය ජනතාව මැරුව හැටි, මේ අයට අණ දුන්නේ ත්‍රස්තවාදී නායකයෙක්ද? මහත්මයෙක්ද? කෝ ප්‍රචාරක මාෆියාව.(නදී)

:       0       0

ටාර්සන් Tuesday, 04 June 2013 04:42 PM

මේ ඔක්කොම කරන්න උදව් කරපු අය පාර්ලිමේන්තුවේ.(නදී)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 05:13 PM

ඔය අය පාර්ලිමේන්තුවට ගත්තේ නැත්නම් කවදාවත් යුද්දේ ඉවර කරන්න බැහැ.(නදී)

:       0       0

ප්‍රදීපා Wednesday, 05 June 2013 03:45 AM

දෙහිවල බෝම්බෙන් 64ක් මැරිලා තියෙනවා. කිසි වරදක් නොකළ ඒ මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙව්වා. ඒ පවුල් වල අයට නැවත ඔවුන්ව ලැබෙනවද? (නි)

:       0       0

රණවීර Tuesday, 04 June 2013 05:38 PM

64 කට අවුරුදු ගණන මදි නේද ?(නදී)

:       0       0

කුමුදු Tuesday, 04 June 2013 06:08 PM

මමත් මය බෝම්බෙන් තුවාල වුණා. ජීවිතේ පළමු වරට මරණ බය මට දැනුනේ එදා තමා.මම බේරුනාට තව අහිංසක මිනිස්සු කීදෙනෙක් නැති වුනාද? පවුල් කියක් අනාත වුනාද? (නි)

:       0       0

වරුණ Wednesday, 05 June 2013 07:40 AM

අරන්තලාවේ සිද්දියට හා තිස් හතලිස් දාහක මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ද අය සුර සැප විදින එකේ මේ කෝච්චියක බෝම්බෙකට හිරේ තියා ගෙන තවත් රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් කන්න දිදී තියන් ඉන්න එක තේරුමක් තියේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site