
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බුද්ධික කුමාරසිරි )
රුපියල් දස දහසක් ඉල්ලා එය නොදුන්නැයි උරණ වී හැත්තෑ හය හැවිරිදි කාන්තාවකගේ කරාබු යුගලය කොල්ල කා , ගෙල පාදයෙන් සිරකොට ඝාතනය කළ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
ආනමඩුව නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි (30) හැවිරිදි සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර ඝාතනය වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් බ්ලොක් ගල් ව්‍යාපාරක කම්කරුවකු ලෙස සේවය කල අයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මියගිය කාන්තාව පමණක් නිවසේ රැඳී සිටි අවස්ථාවකදී නිවසට පැමිණ ඇයගෙන් රුපියල් දස දහසක් ඉල්ලා තිබේ. එහිදී එලෙස ලොකු මුදලක් දීමට තමන් සතුව නොමැති බව පැවසීමත් සමඟ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාව මාලඹේ පාර අංක 720 හි පදිංචි දෝන ලීලා අබේරත්න නමැති (76) හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම්ම නින්දිත වැඩක් කරන්නේ කුඩු කාරයෙක් වෙන්න ඕනෑ...