IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දිසා 12ක වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කරයි

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට ( 21) අලුයම 4.00 සිට බල පැවැත්වෙන පරිදි හුදෙකලා කෙරේන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කොරෝනා පැතිරීම පාලනය වීම නිසා දිස්ත්‍රික්ක 10 ක තවත් ග්‍රාම නිලධාරි වසම් 82ක් හෙට (21)අලුයම 4 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමට නියමිතය.

හුදෙකලා කෙරෙන මෙම ග්‍රාම නිලධාරි වසම් අතර ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනකු හමු වූ දෙමටගොඩ ආරාමය පෙදෙස ද වෙයි .

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම යටිහේන , මීගහවත්ත සියඹලාපේ වත්ත සහ කිරිබත්ගොඩ නාහේන , අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ නව වලතපිටිය ගම්මානය,මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන මීරවෝදි නැගෙනහිර , මීරවෝදි බටහිර සහ මාන්වකෝලයි බදු රිය ,රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න දාපනේ, රත්නපුර මුල්ලෙ කන්ද වත්ත සහ කොට්ටල ,කළුතර දිස්ත්‍රික්කයේ මහ වස්කඩුව දකුණ සහ මිනේරිතැන්න සුනාමි ගම්මානය ,යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි සාවට්කඩ්ඩ්,මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල දෙමදඔය,නිකගොල්ල ,නිකගොල්ල උතුර ,ලග්ගල කිවුල වාඩිය සහ ගුරුවෙල,පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මරක්කලගම,නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන කැරොලිනා වතු වතුයායට අයත් කඩවල වත්ත කොටස ,ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව ගෝනවල බොල්තුඩුගම,මාතර දිස්ත්‍රික්කයේ වල්ගම පැලෑන දකුණ , කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ ආරාමය පෙදෙස 66 වත්ත මෙසේ හුදකලා කෙරෙන ග්‍රාම නිලධාරී වසම් ය.



අදහස් (1)

දිසා 12ක වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කරයි

දසත Monday, 21 June 2021 08:11 AM

මේ වගේ වෙලාවක වසම් මට්ටමෙන් වහල වැඩක් නෑ කියල සෞඛ්‍ය අංශ කී වතාවක්නම් කිව්වද? කොහෙද ඉතින් බල්ලගෙ වැඩේ කරන්නෙ බූරුවනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 349 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site