
(මොහොමඩ් ආසික්)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අවදානම් අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 31 වනදා සවස නිකුත් කරනු ලැබ තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්යේ හපුතලේ සහ හල්දුම්මුල්ල , කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම බද්දේගම, ඇල්පිටිය, ගාල්ල කොටුව,අක්මීමන, අම්බලන්ගොඩ, බෝපේ පෝද්දල,නෙළුව, ඉමදූව, තවලම, නාගොඩ සහ යක්කලමුල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, බෙලිඅත්ත, ඔ්කේවෙල, සහ කටුවන, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, ගලිගමුව, දෙහිඔ්විට, සහ කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, රිදීගම සහ පොල්ගහවෙල , මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, මාතර කඩවත් සතර, තිහගොඩ, වැලිපිටිය, අකුරැස්ස, කඹුරුපිටිය, පිටබැද්දර, අතුරලිය, මුලටියන, කොටපළෙ, මාලිම්බඩ , කිරින්ද පුහුල්වැල්ල , සහ හක්මන, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, කහවත්ත,නිවිතිගල,අයගම සහ පැල්මඩුල්ල, යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසසය, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කොලොන්න, ගොඩකවෙල, වැලිගෙපොළ,කුරුවිට,කලවාන,ඉඹුල්පේ,බලංගොඩ, ඇලපාත,ඔ්කේවෙල සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද නිකුත් කරනු ලැබ තිබේ.
2023 10 31 වන දින පස්වරුවේ නිකුත් කර ඇති මෙම නිවේදනය 2023.11.01 වනදා පස්වරුව දක්වා වලංගුවන බවත් ජාතික ගොඩනැලිගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිසා 11 ස්ථාන 62කට නාය අනතුරු