IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දස හැවිරිදි දැරිය ඉන්ධන බවුසරයට බිලි

(දයාරත්න ඇඹෝගම සහ තිසර සමල්)

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් තලාව නගරයේ පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගි සිය මව සමග යතුරැ පැදියෙන් නිවසට යමින් සිටියදි තලාව නගරයේ වට රවුමේදි ඉන්ධන බවුසරයක ගැටි බරපතල තුවාල ලබා එම ස්ථානයේම මිය ගොස් ඇතැයි තලාව පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ කරගහවැව,තලාව යන ලිපිනයේ පදිංචිව සිටි නිසංසා නෙත්සරණි විමලසේන (10) නැමති දැරියකි.ඇය තලාවේ ප්‍රාථමික විදුහලේ පස්වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි  සිසුවියකි.

මෙම අනතුරින් 47 හැවිරිදි දැරියගේ මවද බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඉන්ධන බවුසරයේ රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.



අදහස් (5)

දස හැවිරිදි දැරිය ඉන්ධන බවුසරයට බිලි

Rata Perata Wednesday, 11 October 2023 12:04 PM

උපදින්න තියෙන වසනාවන්තම රටක් හැටියට තිබුනු අපෙ රටට අමන දේශපලුවො කරපු විනශෙ බලන්න. දැන් අවුරුදු 25 ක් විතර ඉදල දවසට 5 - 6 ක් මරෙනව රිය අනතුරුවලින්. එකෙක්ට බැරි උනානෙ මෙකට විසදුමක් දෙන්න.

:       9       17

fairoos Wednesday, 11 October 2023 12:18 PM

ඉතාම කණගාටුයි.

:       0       14

wedage Wednesday, 11 October 2023 12:34 PM

බවුසර් කාරයින් කුඩා වාහනවලට සලකන විදිහ තමයි ඔය බවුසර් කාරයින්ට ඇප දීම කරන්න එපා...

:       0       16

සෙනෙවිරත්න Wednesday, 11 October 2023 01:41 PM

මේක ඇසින් දුටු කෙනෙක් කියපු හැටියට වරද යතුරුපැදියේ, වට රවුමේදී එක පසෙකින් ආපු යතුරුපැදිය බව්සරේ ඉස්සරහ කැබ් කොටස ගියපසු මැද බව්සර් කොටසේ හරහට වැදිලා ළමයා රෝද යටට විසිවෙලා. වේගය තමයි හේතුව, කාන්තාවන්ට බ්‍රේක් අමතක වෙනවා හදිසියට. ඒවගේම උස වාහන අස්සේ ධාවනය කරනවා... ලොකු වාහනවලට ළඟින්යන කුඩා යතුරුපැදි නොපෙනන බව තේරුම් ගත යුතුයි. කාන්තාවන් අනුන්ගේ අනුකම්පාව මත අනතුරු නැතිව යාමට සිතාගත යුතුයි...

:       0       15

හෆීස් Wednesday, 11 October 2023 02:29 PM

මේ බව්සර් රියදු⁣රුගේ පියා ගැන සඳහනක් නැත්තේ ඔහු පොලිසියේ හෝ වෛද්‍යවරයක් නොවේද?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site