IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


දස කෝටියක කුඩු ගෙනා ඉරාණ දෙන්නා රඳවාගනී

මිනිස් ක්‍රියාකාරිත්වය වැඩි කර, හදවතේ ගැස්ම වැඩි කර මනස දැඩි ලෙස අවුල් කර, මිනිසාගේ මධ්‍ය ස්නායු පද්ධතියට බරපතල හානි සිදුකරන මෙතැම්පිටමීන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකයි ග්‍රෑම් හැත්තෑවක් සමග අත්අඩංගුවට ගත් ඉරාණ ජාතිකයන් දෙදෙනා රැඳවුම් නියෝග මත කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඩුබායි සිට ගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දස කෝටියකට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.



අදහස් (0)

දස කෝටියක කුඩු ගෙනා ඉරාණ දෙන්නා රඳවාගනී

සමන්ත Wednesday, 30 May 2012 01:49 PM

කෝ අර මහ ලොකු අලි බබා,එයා කියන නීති මුස්ලිම් අය පිළිපදින නිසාද මෙහෙම වෙන්නේ?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 02:07 PM

මෙතැම්පිටමින් කියන රසායනික ද්‍රව්‍ය මොළයේ විවිධ රසායනික වෙනස් කම් ඇති කරවීමට සමත් රසායනික ද්‍රව්‍යයක්. මෙහිදී වෙලා තියෙන්නේ වඳුරා අතට දැලි පිහිය පත්වීමක්. ඇත්තෙන්ම මේ රසායනික ද්‍රව්‍ය පත් වෙන්න සුදුසු කෙනා අතට නෙවෙයි මෙහිදි ඒවා ලැබිලා තියෙන්නේ.. අමෘතය වුනත් වැරදි කෙනාට ගියහම වැරදි ප්‍රතිඵල තමයි දකින්න තියෙන්නේ. මානසික රෝගීන්ට වෛද්‍යවරුන් විසින් නියම කරන ඖෂධ මෙසේ හොර පාරෙන් වෙළෙඳුන් අතට පත්වීම ඉතා හානිකර තත්වයකි. ගරු ජනාධිපතිතුමනි මේ ගැන සොයා බලා සුදුසු වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදුන මැනවි

:       0       0

නීතිය Wednesday, 30 May 2012 01:27 PM

කිසියම් පිරිසක් විසින් කරන දේවල් වලට ඇයි ආගම් ගාව ගන්නේ ?මේවට ආගම් ජාති පලි නෑ..

:       0       0

නිමල් Wednesday, 30 May 2012 10:24 PM

ඇල්ලහ් නම් මේ ලෝකයේ සියලු දේ මවන ලද්දේ කුමක් නිසාද? මෙවනි මත් කුඩු සහ නරක මිනිසුන් මවන ලද්දේද? ඇල්ලහ් දෙවියන්ට වෑරදීමක් වෙලද අලි බබෝ?

:       0       0

නිමල් Wednesday, 30 May 2012 09:44 PM

අලි බබෝ දෙවියො ඇයි මෙවැනි වැරදි වැඩකරන මිනිස්සුත් මැව්වේ මේ ලෝකෙට..

:       0       0

දර්ශන් Wednesday, 30 May 2012 02:23 PM

වගකිව යුතු ආයතනවල අවධානයට යොමු වේවා.......

:       0       0

හංසිකා නිරෝමී බස්නායක Wednesday, 30 May 2012 02:24 PM

අද අපේ රටේ සිදුවන අයහපත් ක්‍රියාවළිය නිසි අයුරින් විශ්ලේෂණය කර දැන ගැනීමට සැලැස්වීම නිසා අපට වඩාත් ඒ පිළිබඳ වැටහීමක් ඇති වෙනවා. ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් දක්වා ඇති අදහස ඉතා වැදගත් යැයි සිතනවා. අද බොහෝවිට සිදුවන්නේ යමක් නුසුදුසු අය අතට පත්වීම බව පෙනෙන්නට තිබෙනවා.

:       0       0

මරුවින් Wednesday, 30 May 2012 02:30 PM

කීර්ති සංජු සමන්ත සහ රජිත්: නිකන් තමුන්ගේ කුහක ජාතිවාදී ගති පෙන්නන්න එපා. හැම ජාතියකම වැරදි වැඩ කරන අය ඉන්නවා. වැරැද්ද කරපු එකාට දඬුවම දෙන්නේ නැතුව ආගම් ජාති අල්ලාගෙන තප්පුලන අය ඉන්නකන් ඉතින් අපේ රටට දෙවියන්ගේම පිහිට තමයි.

:       0       0

බකපණ්ඩිත Wednesday, 30 May 2012 02:07 PM

උපරිම දඩුවම් දෙන්න...

:       0       0

සමරනායක Thursday, 31 May 2012 12:03 AM

අලි බබා කියපු එක හරියටම හරි,, @ සීතාරාමන්,, තමන්ගේ නමත් වෙනස් කරගෙන බොරු දෙමල නමක් දාගෙන මුස්ලම් අයට බනින එක හරිද මන්ද, අලි බබා කියපු ටික දෙතුන් පාරක් කියවල නුවන පහද ගන්න.

:       0       0

අලිබබා Wednesday, 30 May 2012 04:41 PM

යමෙක් වරදක් කිරිමේදී ආගම් භේදයක් ජාතිබේදයක් නොමැත්තේය. සමහර අයගේ පටු අදහස් සමග තමන්ගේ පුද්ගලික ජාතිවාදී අදහස්ද මෙහි පලවේ. ඒ සම්බන්දව ඇත්තෙන්ම අප කනගාටුවට පත්වන්නෙමු. වරදක් කල පලියට ඔහු බෞද්ධයෙක්ය, ඔහු මුස්ලිම්වරයෙක්ය, ඔහු ක්‍රිස්තියානි කාරයෙක්ය කියා අපට බෙදා වෙන් කල නොහැක. මන්දයත් එවැන්නන් සෑම සමාජයක් තුලම සිටින බැවිනී. ඒ අය සමිබන්ධව අපට කිව හැක්කේ මානුෂිකත්වයෙන් පහලවැටී සිටින මනුෂ්‍යත්වය නොහදුණන තිරිසන් සතුන්ටත් වඩා පහත් මටිටමට ඇද වැටුණු පිරිසක් ලෙසය. ඔහු පඤ්ඤානන්දවු පමනින් ඔහු බෞද්ධයෙක් වන්නේ නැත. තෝමස්වු පමනින් ඔහු ක්‍රිස්තු භක්තිකයෙක් වන්නේද නැත. ඔහ ඉරාන් ජතිකයෙක් කියා මොහොමද් වු පමනිනන් ඔහු මුස්ලිමිවරයෙකු වන්නේද නැත. ක්‍රියාවෙන් සහ තමා තුල පවතින්නාවු බැතිමත් භාවයෙන් මිස. එම නිසා දුරදර්ශීව කල්පණාකර මානුෂිකත්වය තුලින් අදහස් පලකරන්නේනමි යහපති.ඉස්ලාමිය රජ්‍යයක් තුල මෙම මත්ද්‍රව්‍යයන් අසුවුයේ නමි ලබා දෙන දඩුවම මරණීය දන්ඩණයයි.

:       0       0

සන්ජීව Wednesday, 30 May 2012 12:48 PM

අපිට නම් මේවා දස කෝටියක් නෙමෙයි සත හැටක් වත් වටින්නේ නෑ

:       0       0

සන්ජීව Wednesday, 30 May 2012 12:49 PM

මේවට වටිනාකමක් නැති කළා නම් මිනිස්සු මේවා හොරෙන් ගේන්නේ නෑ

:       0       0

අමිල Wednesday, 30 May 2012 12:10 PM

ලංකාවට එන්න එයාලට වීසා ඕනි නෑනේ.තව එයි

:       0       0

කීර්ති Wednesday, 30 May 2012 12:53 PM

වෙනත් ජාතීන් විසින් අපේ තරුණයෝ මතට යොමු කරලා ඔවුන්ගේ එකම අභිප්‍රාය වන සමාජීය විනාශය කරන්න තමයි ඔවුන් ඔය අර අදින්නේ

:       0       0

සන්ජු Wednesday, 30 May 2012 12:19 PM

මුස්ලිම් ජාතීන්ට මෙහෙම කරන්න දෙන්නේ නැතුව අපේ ජාතිය බේරා ගන්න

:       0       0

සුභාෂිණි Wednesday, 30 May 2012 06:02 PM

මේ මත්ද්‍රව්‍ය ලෙස හදුන්වන්නේ ඖෂධයි. ඉතිං මේවාට වග කිව යුතු අය විසින් මතට තිත තැබැය යුතුයි නේද?

:       0       0

සීතාරාමන් Wednesday, 30 May 2012 06:43 PM

95% ක් පමණ ලංකාවට මත්කුඩු ගෙන්වන්නේ මුස්ලිම් වරු.ඒක පැහැදිලියි

:       0       0

ලලිත් Wednesday, 30 May 2012 06:48 PM

අරාබි නීතිය අනුව දඩුවම් දුන්නොත් හැම දේහපාලඥයෙක්ම, ඔවුන්ගේ පවුල් වල අයත් සමග නැතිවෙයි.ඒ නිසා ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ

:       0       0

ප්‍රසන්න Wednesday, 30 May 2012 07:01 PM

හොරු අල්ලා ගත්තත් නීතිය නීතියමය

:       0       0

රජිත් Wednesday, 30 May 2012 01:25 PM

පිට ජාතිකයෝ ලංකාවේ තරුණ පරපුර විනාශ කළාම නායකයින්ට හරි ලේසියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 27 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 267 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 588 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 1920 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 467 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 367 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 482 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 127 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1146 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site