IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දොස්තර සමන්මලීට දහ අට කෝටියක වන්දි

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක් බැලීමට ගොස් එහි අවාරණයක් කඩා වැටී සදා කාලික අංගවිකල තත්ත්වයට පත් වූ වෛද්‍ය ශිෂ්‍ය සමිතා සමන්මලීට (දැන් වෛද්‍යවරියකි) රුපියල් දහ අට කෝටියක වන්දි ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට නියෝග කළේය.

දොස්තර සමන්මලීගේ ඉදිරි වෛද්‍ය වියදම් වෙනුවෙන් රුපියල් කේටි 11ක් ද, ඇගේ ඉදිරි ආදායම අහිමි වීමේ වන්දිය ලෙස රුපියල් කෝටි පහක් ද, ඇයට ඇති වූ චිත්ත පීඩාව හා වේදනාව වෙනුවෙන් රුපියල් දෙකෝටියක් ද ගෙවන ලෙසත්, 2009 ඔක්තෝබර 16 වැනි දා සිට පොලිය ද සමඟ වන්දි ගෙවිය යුතු බවත් දිසාවිනිසුරු හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

නඩුව අවසානයේ දී දොස්තර සමිතා පැවසුවේ ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ, ජී ජී අරුල් ප්‍රගාසම්, විසුරද ලිවේරා තෙන්නකෝන්, නිලන්ත කුමාරගේ, රංජිත් හතුරුසිංහ තමන අයිතිවාසිකම් වෙනුවෙන් ගරු සේවයක් කළ බවයි.

IMG_5621 IMG_5628

DSC_0840 DSC_0887 DSC_0895

වීඩියෝ සහ ඡායාරූප ශාන්ත රත්නායක

සබැඳි පුවත්

දොස්තර සමිතා සමන්මලී වන්දි නඩුවට එයි

වෙද සිසුවියගේ වන්දි නඩුව කල් යයි

 



අදහස් (0)

දොස්තර සමන්මලීට දහ අට කෝටියක වන්දි

අනූ Tuesday, 03 March 2015 10:07 AM

පිවිතුරු නොවූ යහපලගේ ප්‍රතිචාරය තරයේ හෙළා දකිමි (නදී)

:       0       0

පිවිතුරු යහපාල Friday, 27 February 2015 07:16 AM

මන් මෙතුමියගෙන් ඉල්ලනවා යන්න යුධ හමුදා රෝහලට යන්න රණවිරු සෙවනට සදාකාලිකව අබ්බගාත වුනු ශරීර කොට කි දාහක් තියෙනවද බලන්න ගිහින්. ඔවුන් වන්දි ඉල්ලන්නේ කාගෙන්ද. ඔවුන් නඩුදාන්නේ කාටද. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කලා. රජය ගොඩක් දේවල් කලා. මේ නඩුව සහ තීන්දුව ඔබ වෙත ලැබුණු අනුකම්පාව අනික් පැත්තට හැරවීමක්. සම්මන්ත්‍රණ ශාලාව පුද්ගලික දේපලක් නෙමෙයි.(නදී)

:       0       0

ඩබ්ලිව්.එම්.ඩී කාරියවසම් Friday, 27 February 2015 07:30 AM

හරිම හොඳ වැඩක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site