රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ මැයි 11 වැනි දා වර්ජනයට එරෙහිව වාරණයක් ගත් හදවත් ලෙඩාගෙන් රුපියල් කෝටි දෙක හමාරක් වන්දි ඉල්ලා නඩු පවරන බව සංගමයේ නීතිවේදීහු කොළඹ දිසා අධිකරණයේ දී අද කරුණු දැක්වූහ. කොළඹ දෙමටගොඩ වේළුවන පෙදෙසේ අජිත් සේනක නම් රෝගියා පසුගිය 10 වැනි දා රෝහලට ඇතුළු වී ඊට පසු දිනට නියමිත වර්ජනයට වාරණ නියෝගයක් ඉල්ලා වෛද්‍ය උපදෙස්වලට පටහැනිව එදිනම රෝහලෙන් පිටවී ගිය බව සංගමයේ නීතිඥවරු කීහ. වර්ජනය අවසන්වී ඇති නිසා නඩුව පවත්වාගෙන නොයන බව කියමින් සේනකගේ නීතිඥවරු පෙත්සම අස්කැර ගැනීමට ඉල්ලා සිටියහ. වර්ජනය කඩා කප්පල් කිරීම සඳහා වෙනත් අරමුණු ඇතිව ඔහු ක්‍රියාකර ඇතැයි ද ඔවුහු සඳහන් කළහ. වාරණ නියෝග ඉවත් කළ අතිරේක දිසා විනිසුරු අමල් රණරාජා මහතා ප්‍රතිඋත්තර ගොනු කරන ලෙස රෝගියාට නියෝග කෙළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දොස්තර සංගමය ලෙඩාගෙන් කෝටි දෙකක් වන්දි ඉල්ලයි