රුසියාවේ හිටපු තානාපතිවරයකු හා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු රාජා ජෝන්පුල්ලේගේ ගෙට හා වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා රුපියල් කෝටි 5ක අලාභ හානි කළැයි කියන නඩුව අද (18) සිට එක දිගට විභාගයට ගැනීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා තීරණය කළේය.
ඒ අනුව අද විභාගය ඇරඹිණි.
විත්තියේ නීතිඥවරු කියා සිටියේ නඩුවට සූදානම්වී නොපැමිණි හෙයින් අද විභාගයට නොගන්නා ලෙසයි. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. 2008-8-06 උතුරු මැද පළාත් සභා මැතිවරණ සමයේ එම දේපළ ගිනි තැබීයැයි පස් දෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත. ඒ අතර මිහින්තලේ ප්‍රා සභාවේ සන්ධාන හිටපු මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද හා දැනට මියගොස් සිටින උතුරු මැද පළාත් සභා එජාප මන්ත්‍රී ගාමිණී පෙරේරා යන අය සිටිති.
මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි ඇතුළු සාක්කිකරුවන් 18 දෙනකු පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොස්තර නිවස ගිනි තැබීමේ නඩුව වසර අටකට පසු විභාගයට
තත්සර Monday, 18 January 2016 05:27 PM
තමන් කළ පව් මේ ආත්මයේදීම පටිසන් දෙනවාමයි. එය වළක්වන්න කාටවත් බැහැ. (නි)