IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දොස්තර නෝනිස් රජ කමිටුවකට

එංගලන්තයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු සභාපතීත්වය හොබවන බ්‍රිතාන්‍ය ආසියා අරමුදලේ උපදේශකවරයකු ලෙස මහා බ්‍රිතාන්‍යයේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්  පත් කරනු ලැබ සිටියි.

බ්‍රිතාන්‍ය මහා රැජිනට අයත් වින්ඩ්සර් රජ මැදුරේදී පසුගිය සදුදා එම අරමුදලේ පස්වැනි සංවත්සරය පැවැත්වූ අවස්ථාවේදී ඔහුට එම පත්වීම ලැබිණි.

ඉන්දියාවේ ප්‍රමුඛ ඛනිජතෙල් නිෂ්පාදන සමාගමක් වන රිලයන්ස් කර්මාන්ත සමාගමේ අයිතිකරු වන මුකේෂ් අම්බානි අරමුදලේ ඉන්දියා උපදේශක කමිටුවේ සභාපති ලෙස පත් විය. දොස්තර නෝනිස් ශ්‍රී ලංකා උපදේශක කමිටුවේ සභාපති තනතුරට පත්විය.

බ්‍රිතාන්‍ය ආසියා පදනම චාර්ල්ස් කුමරුන් විසින්  පිහිටුවුණ වැදගත් පුණ්‍යායතනයකි. 

2007 දී පිහිටුවාගන්නා ලද එම අරමුදල ආසියාවේ වරප්‍රසාද නොලත් ගම්බද ජන කොටසක් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවනෝපාය නංවාලීම උදෙසාත් ඔවුන් අතර ස්වයං පෝෂණය ඇතිකිරීම සඳහාත් විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙයි.

ඒ ඒ රටවල අවශ්‍යතාවයන් තෝරා බේරා ගැනීම සඳහා උපකාරීවන තොරතුරු ලබාදීම සහ අනාගත ව්‍යාපෘති යෝජනා කිරීමත් මෙම අරමුදලේ උපදේශක කමිටුවල වගකීම වෙයි.

අලුතෙන් පත්වූ කමිටු සාමාජිකයින් පිළිබඳව තම අදහස් දැක්වූ චාර්ල්ස් කුමරු කීවේ මෙවන් සැලකිය යුතු පිරිසක් ආසියා අරමුදලේ වැඩකටයුතු සඳහා සම්බන්ධකර ගැනීමට ලැබීම භාග්‍යයක් බවයි.

රාජ්‍ය තාන්ත්‍රික සේවාවන්ට අමතරව වෛද්‍ය ක්ෂේත්‍රයේ, අන්තර්ජාතික වැඩකටයුතු, පොදුරාජ්‍ය මණ්ඩල සංවර්ධන කටයුතු,  ව්‍යාපාරික කටයුතු, සහ සහන සැපයීමේ වැඩකටයුතු සඳහා දීර්ඝ කාලයක් සම්බන්ධ වෙයි. තමන් ලද අත්දැකීම් මෙම කමිටුවේ ඉදිරි ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා ප්‍රයෝජනවත් වන බව පැවසු දොස්තර නෝනිස් තමන් හට මෙම අවස්ථාව ලබාදීම ගැන ස්තුති කළේය.දොස්තර නෝනිස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ තේ නිෂ්පාදන සමාගමක් වන මැක්වුඩ් ආයතනයේ සභාපති වරයාය.



අදහස් (0)

දොස්තර නෝනිස් රජ කමිටුවකට

ගාමිණී Friday, 22 February 2013 11:20 AM

උගතෙක්, ව්‍යාපාරිකයෙක්, ධනවතෙක් අදාල තනතුරට පත්වීම ඉතාමත් සතුටක්. (නදී)

:       0       0

මාරී Friday, 22 February 2013 11:29 AM

සුභ පැතුම්!(නදී)

:       0       0

හේරත් Friday, 22 February 2013 01:01 PM

අහන්නත් සතුටුයි. දකින්නත් සතුටුයි. (නදී)

:       0       0

චාමර Saturday, 23 February 2013 01:07 AM

මේකට දේශපාලනය නොගෑවීම සතුටට කරුණක්. (නි)

:       0       0

ඉදුනිල් Friday, 22 February 2013 02:12 PM

හදවතින්ම සුභ පැතුම්! (නි)

:       0       0

සමන් Saturday, 23 February 2013 06:09 PM

මෙතුමා දක්ෂ, අවංක පුද්ගලයෙක්. (නි)

:       0       0

සුධාර Saturday, 23 February 2013 04:03 AM

ඇත්තෙන්ම ඔහුගේ කාර්යභාරය වියයුත්තේ මෙයද? (නි)

:       0       0

ප්‍රේමවතී Friday, 22 February 2013 02:41 PM

කාටද ආඩම්බර (දී)

:       0       0

චානු Friday, 22 February 2013 02:39 PM

ලංකාවටනේ ආඩම්බර (දී)

:       0       0

චමින්ද Friday, 22 February 2013 02:42 PM

සන්තෝසයි (දී)

:       0       0

සෙනරත් Saturday, 23 February 2013 04:38 AM

ඔහොම යමුකෝ... (නි)

:       0       0

මහින්ද Friday, 22 February 2013 02:59 PM

ඔබ අපට ආඩම්බරයක් (දී)

:       0       0

රෝසි Friday, 22 February 2013 04:31 PM

මේ වගේ ය රටට වාසනාවක් (දී)

:       0       0

බණ්ඩාර Friday, 22 February 2013 04:55 PM

ඔබට අපගේ සුභ පැතුම්! (නි)

:       0       0

ෂාෆික් Saturday, 23 February 2013 11:20 AM

මම කැමතිම පුද්ගලයෙක්. සුභ පැතුම්! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 23 February 2013 11:54 AM

මේ වගේ වැදගත් උගත් ලාංකිකයින්ට තැනක් දීමෙන් රට වෙනුවෙන් යහපත් කාර්යයන් ඉටුකර ගත හැකියි. (නි)

:       0       0

ශානිකා Friday, 22 February 2013 06:48 PM

ඔය වගේ රට වෙනුවෙන් වැඩ කරන්නත් උනන්දුවෙනවනම් තමයි හොද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site