ඇමැති ආරුමුගන් තොණ්ඩමන් සඳුදාට (16) පෙර කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් අබේගුණරත්න මහතාගෙන් සමාව නොගතහොත් නුවරඑළිය දිසාවේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වැඩවර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය කියයි.
එම වෛද්‍යවරයාට ඇමැති ප්‍රසිද්ධියේ චෝදනා නඟා ඔහු මාරු කිරීමේ උත්සාහයක් අරඹමින් වතු කම්කරුවන් ලවා පසු ගිය සෙනසුරාදා උද්ඝෝෂණයක්ද කැරවීය.
වෛද්‍යවරයා වතු කම්කරු සෞඛ්‍යය ගැන සැලකිල්ලක් නොදක්වතියි තොණ්ඩමන් මහතා චෝදනා කරයි.
තොණ්ඩමන් ඇමැතිගේ ක්‍රියාකලාපය හෙළා දකින බව වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
දොස්තරගෙන් සමාව ගන්නැයි තොණ්ඩමන්ට කියති
වජිර Sunday, 15 June 2014 02:21 PM
මීට වඩා මේ අය වැදගත් විදියට හැසිරිය යුතුයි නේද? (නි)
රෝහිත Sunday, 15 June 2014 02:59 PM
මට නම් මේ රට දැන් එපාවෙලා හැමතැනම ප්‍රශ්න පිට ප්‍රශ්න..... (ස)
මිගිද Sunday, 15 June 2014 03:13 PM
ඔන්න රජයේ වෛද්‍ය සංගමේට මාර අවස්ථාවක් වර්ජන කරන්න. (ස)
ලක්ෂපාන Sunday, 15 June 2014 03:24 PM
තීරණය ඇත්තේ මහජනතාවගේ අතේයි (නි)
ඉසුරැ Sunday, 15 June 2014 11:59 PM
වෘත්තීය ගරැත්වයක් ඇතූව රැකියාව කරගෙන යන්න දේශපාලුවො ඉඩ නොදෙන කොට වර්ජනය ඇර මොනව කරන්නද (අ)
තරිදු Sunday, 15 June 2014 03:40 PM
මේ දොස්තර ගැන මම දන්නවා (නි)
නිවන්ත Sunday, 15 June 2014 03:43 PM
වරදක් කළා නම් ඉතින් සමාව ගත්තට කමක් නැහැ (නි)
ප්‍රනාන්දු Sunday, 15 June 2014 05:50 PM
මෙයාගේ මිනුස්සු මීට කලිනුත් දික් ඔය රෝහලේ සේවයෙකුට ගහල ලොකු වර්ජයක් තිබුනා නුවරඑලිය දිස්ත්‍රික්කෙම. මට මතක හැටියට 2002 හෝ 2003 දි. පුද්ගලික ඒවත් ඒ මොහොතේ වර්ජනේ කලා. ප්‍රසිද්දියේ සමාව ගන්න කියන්න (නදී)
ඉසුරන්දි Sunday, 15 June 2014 06:23 PM
නිහාල් අපි ලංකාවෙන් කිව්ව ගමන් දැන් වෙන රටකටවත් ඇතුලත් කරගනිවිද කියන එකත් සැකයි. (නදී)
කිත්සිරි Monday, 16 June 2014 07:37 AM
චෝදනාවක් කළා නම්, අදාළ වෛද්‍යවරයා විසින් ඒකට තම නිවැරදිභාවය ඔප්පුකරන්න කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ නේද? (නි)
හේරත් Sunday, 15 June 2014 06:36 PM
මේ දෙගොල්ලම කරන්නේ බදු මුදල් වලින් ජීවත් වෙලා .... අහිංසක මිනිසුන් බිල්ලට ගන්න එක . (ස)
විමල් Sunday, 15 June 2014 06:59 PM
අපි නම් දොස්තර මහත්වරුන්ට සහයෝගය දෙනවා. (නි)
කමනි Monday, 16 June 2014 08:14 AM
ඉසුරු කියන දේට මාත් එකඟ වෙනවා . දේශපාලකයන්ගේ ගෙරවිලි හොඳ එයාලගේ කට්ටියට. (ස)
ඒකනායක Sunday, 15 June 2014 07:04 PM
එහෙත් ප්‍රමුඛතාවය දිය යුත්තේ රෝගීන්ට නොවේද? (නි)
සුනිල් රියාද් සිට Sunday, 15 June 2014 07:15 PM
මොනවා වුණත් මේ ලෝකයේ අනෙක් රටවල් දෙසත් පොඩ්ඩක් බලන්න. අපේ රට පහත් කරලා කතා කරන්න එපා. පිට ඉන්න අපියි රටේ වටිනාකම දන්නෙ (නි)
අරෝෂ් Sunday, 15 June 2014 01:25 PM
දැන් ඉතින් මෙතන කවුරුන් වැරදි වුණත් අන්තිමේදී තැලෙන්නේ සාමාන්‍ය ජනතාව (නි)
සංජීව Sunday, 15 June 2014 09:37 PM
මෙතුමා හැසිරෙන්නේ දෙමළ චිත්‍රපටි වල ඉන්න නළුවෝ වගේ. මෙතුමාට මානසික රෝගයක් තියෙන්නේ. (අ)
නිහාල් Sunday, 15 June 2014 01:49 PM
දැන් නම් හිතෙනවා දෙයියනේ කියලා අපි කීයක් හරි හොයාගෙන යන්න රටක් හොයාගන්න ඕනෑ කියලා (නි)