(මොහොමඩ් ආසික්)
දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19 ) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ඇල්ල සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ .
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකේවෙල, වලස්මුල්ල, කටුවන, සහ බෙලිඅත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ අගලවත්ත සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මටට්මේ නිවේදනයද පාලින්දනුවර සහ ඉංගිිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩදුම්බර, පාතදුම්බර, උඩපළාත, සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද,යටිනුවර තුම්පනේ සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, පොල්ගහවෙල, සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නාවුල, ලග්ගල පල්ලේගම, සහ අඹන්ගඟ කෝරළය යන ප්‍රාදේහිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද අතුරලිය සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙනව මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඇලපාත, ඇහැලියගොඩ, කොලොන්න,වැලිගෙපොළ, කුරුවිට, ගොඩකවෙල, සහ කහවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද කිරිඇල්ල කහවත්ත, නිවිතිගල, බලංගොඩ, සහ ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිස්ත්‍රික් 11 කට නාය යාමේ නිවේදන නිකුත් කරයි