IMG-LOGO

දිස්ත්‍රික් මායිම් හරහා යාම තහනම්

ඉන්දිකා රාමනායක

ඇදිරි නීතිය ඉවත් කර ඇති කාලය තුළ   දිස්ත්‍රික් මායිම් හරහා  නොයෙන ලෙසට  පොලිස් මුලස්ථානය  ජනතාවගේ ඉල්ලා සිටියි. මෙම  කාලය තුළ   සෑම දිස්ත්‍රික් මායිම්  හරහාම   ගමන්   කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාර්ග බාධක යොදා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය  සේනාරත්න මහතා පවසයි.

දිස්ත්‍රික් මායිම් හරහා පෞද්ගලික ගමන් බිමන් යන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද හෙතෙම සදහන් කළේය.

ඇදිරි නීතිය  ඉවත් කර ඇති කාලය තුළ ඒ සම්බන්ධයෙන් මහජනයාගේ    ප‍්‍රතිචාර  නිරීක්ෂණය කරමින් සිටින බවත් මේ සදහා   ජනතාව ලබා දෙන සහය අනුව     ඇදිරි නීතිය  ඉවත් කරනවා ද  නැත හොත්   පවත්වාගෙන යනවාද යන්න   මෙම නිරීක්ෂණ අනුව ඉදිරියේ සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

දිස්ත්‍රික් මායිම් හරහා යාම තහනම්

jayath Tuesday, 21 April 2020 02:00 AM

මේකට රටේ බහුතරයක් සහය දුන්නට නොදෙන සෑහෙන කොටසකුත් ඉන්නවා ඊයේ දැක්ක නේද සමහර බවලත් උදවිය ළමයිනුත් කරපින්නාගෙන බස්වල තෙරපුනා. සමහරු මීටරයක් දුරින් අරක්කු පෝලිමේ තවත් සමහරු රෙදි කඩ වල මේවා අත්‍යාවශ්‍යම දේවල් නෙවි නේද ? මම දැකපු විදියට 90% ක් ගියේ අත්‍යාවශය ගමන් නෙමි මේකට මොකක් හරි වැඩපිළිවෙලක් අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site