IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිස්ත්‍රික්ක හතරකට නොමිලේ යූරියා

(අංජුල මහික වීරරත්න)

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට නොමිලයේ ලබා දිමට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 780ක් එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දුන්නේය.

යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට මෙම පොහොර නොමිලේ බෙදා දීමට නියමිතය.

මෙම වැඩ පිළිවෙළ  යටතේ ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා යුරියා පොහොර ලබා දෙන බවද  එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් ලබා දීමට නියමිතයැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒඅනුව එක් ගොවි පවුලකට යුරියා කිලෝ ග්‍රෑම් 50ක් බැගින් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කීය.



අදහස් (0)

දිස්ත්‍රික්ක හතරකට නොමිලේ යූරියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site