IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දෝෂාභියෝග තීන්දුව මසකින් පසු විවාදයට

සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ 16 දෙනෙක් සාක්කියට කැඳවනු ලැබූහ. වාර්තාව කතානායකට බාර දෙද්දී ඇමති මර්වින් සිල්වා මහතා විපක්ෂය දෙසට යෑම සඳහා සභාවේ හරි අඩක් ගොස් සිටියදී වේත්‍රධාරී එහි පැමිණියේය. කමිටු සාමාජිතයකු වූ විමල් වීරවංශ ඇමැතිවරයාද කෑකෝ ගැසූවේය. කමිටුවේ හිටපු සාමාජික ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා කතානායක ඉදිරියේ කරුණු දක්වමින් මෙම වාර්තාව ගැන හැකි ඉක්මනින් විවාදයක් ඉල්ලා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාද එය අනුමත කළේය. මාසයකට පසු විවාධයකට ඉඩ දෙන බව කතානායකවරයා ප්‍රකාශ කළේය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට කැමැත්ත පළ කළේය. හැඟීම්බරව කටයුතු කරනවාට වඩා සම්මුතියක් ඇති කර ගැනීමේ වැදගත්කම කතානායක අවධාරණය කළේය. සිකුරාදා රාත්‍රී කමිටුව හමුවේ සාක්කි දුන් අය අතර ශිරානි තිලකවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය, අශෝකද සිල්වා හිටපු අගිවිනසුරු, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජාතික සංවර්ධන බැංකු විධායක නිලධරයෝ ද, රාජ්‍ය හා පෞද්ගලික ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් ද වෙති. කතානායක විසින් නොවැම්බර් 14 වැනිදා  කිමටුව පත් කැරුණේ මාසයක් ඇතුලත වාර්තාවක් දීම සඳහාය. අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 14ක් අඩංගු දෝෂාභියෝගයක් රජයේ මන්ත්‍රීන් 117 දෙනෙකුගේ අත්සනින් කතානායකට ඊට පෙර භාර දී තිබිණි. අද කතානායකට භාර දුන් තීන්දුව ලිවීමට අනුර ප්‍රියදර්ශන යාපා සභාපති සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, නිවාස ඇමැති විමල් වීරවංශ, ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න, විදේශ සේවා ඇමැති ඩිලාන් පෙරේරා, වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාල ද සිල්වා හා ඛණිජ තෙල් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුද එක් වූහ. ඊළඟ ක්‍රියාවලිය වනුයේ ස්ථාවර නියෝග අනුව මෙම තීන්දුව මාසයකට පසුව විවාදයට ගැනිමයි. අනතුරුව එය වැඩි ඡන්දනේ සම්මත කර ගත යුතුය. කතානායක ඉන් පසු එය ජනාධිපතිට යැවිය යුතුය. අගවිනිසුරුවරිය වැරදිකරුවී ඇත්නම් ජනපති විශේෂ ප්‍රකාශයකින් පාර්ලිමේන්තුවට ඒ බව දන්වයි. ඉන් පසු ඇය අගිවිනසුරු පදවියෙන් පහ කැරෙනු ඇත. අගවිනිසුරුවරිය නියැරදි කාරිය වන්නේ නම් කතානායකට බාර දුන් වාර්තාවේ කිසිවක් මාධ්‍යයට හෝ වෙනත් පාර්ශ්වයකට නිකුත් නොකළ යුතුයැයි කියන වගන්තියක්ද ස්ථාවර නියෝගල දැක්වේ.



අදහස් (0)

දෝෂාභියෝග තීන්දුව මසකින් පසු විවාදයට

සරත් Saturday, 08 December 2012 02:36 PM

සහන්, සිරිවර්ධන, සරත් ඔබලා නිවැරදියි (ත)

:       0       0

අචිනි Saturday, 08 December 2012 02:31 PM

කොසොල් රජතුමාගේ සිහින සැබෑවෙයිද?(නු)

:       0       0

මධු Saturday, 08 December 2012 03:09 PM

අවශ්‍ය නම් ඉතිං කබරයත් තලගොයා කරන්න පුලුවන්නේ. (නි)

:       0       0

මධු Saturday, 08 December 2012 03:38 PM

අගවිනිසුරුතුමියට ජයෙන් ජය! (නි)

:       0       0

සමන් ප්‍රදීපා Saturday, 08 December 2012 04:27 PM

මෙන්න නඩු ඇහිලි.. දවස් කීයද? ගමේ කෙසෙල් කනක් කැපුවත් නඩුව ඉවරවෙන්න මාස තුනක්වත් යනවා..(නු)

:       0       0

නිලන්ත Saturday, 08 December 2012 04:44 PM

තීන්දුව අරගෙන ඉවරයි..!(නු)

:       0       0

තුෂාර Sunday, 09 December 2012 05:10 AM

අයියෝ සල්ලි

:       0       0

එරංග Sunday, 09 December 2012 08:00 AM

ලෝකේ හිනස්සන වැඩ (දී)

:       0       0

ඉරාජ් Sunday, 09 December 2012 09:58 AM

අපිට තියෙන්නේ බලන් ඉන්න (දී)

:       0       0

සහන් Saturday, 08 December 2012 11:32 AM

දෙන්න උත්තර නෑ . උගතුන් හා නූගතුන් අතර ප්‍රශ්නයක් (ස)

:       0       0

අප්පුගම Saturday, 08 December 2012 11:34 AM

ජාතික ප්‍රශ්ණත් ඔයවගේ අරගෙන මධ්‍යම රාත්‍රිය වෙනකම් වාර්තා හදලා බේරුමක් කරන්න..!(නු)

:       0       0

අජිත් කරු Saturday, 08 December 2012 11:48 AM

තනතුරින් පහ කරයි.. විශ්‍රාම වැටුපට හිමිකම් අහෝසි වෙයි.. එයාගේ නම හා සේවාකාලය ඉතිහාස පොතෙන් කැපෙයි..!(නු)

:       0       0

එච්.හේරත් Saturday, 08 December 2012 11:48 AM

බඩුත් නඩුත් හාමුදුරුවන්ගේ..!(නු)

:       0       0

සමන් වැලිකල Saturday, 08 December 2012 12:15 PM

මේක දේශපාලන ගැටළුවක්.. සාමාන්‍ය ජනතාවට මෙය මහත් හිසරදයක්.. සෑම තැනම මේ දෝෂාභියෝගය..(නු)

:       0       0

නිමල් සංජීව Saturday, 08 December 2012 12:25 PM

කමිටුව පත්කලේම තීන්දුව ලියලා නේ..!(නු)

:       0       0

නාලක Saturday, 08 December 2012 07:47 PM

වැඩක් නැහැ...වැඩක් නැහැ... ඕවා වැඩක් නැහැ... (දී)

:       0       0

සිරිවර්ධන Saturday, 08 December 2012 12:51 PM

තේරීම් කාරක සභාවේ සිටින නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෙනත් සුදුසුකම් පිළිබඳව අපව දැනුවත් කලොත් නරකද?(ස)

:       0       0

සරත් Saturday, 08 December 2012 01:11 PM

කොසොල් රජතුමාගේ සිහින මතක් වෙනවා (ස)

:       0       0

සුමනා මානවඩුව Saturday, 08 December 2012 01:17 PM

මහාචාර්යවරියකගෙන් ප්‍රශ්ණඅහන්නෙ මොන සුදුසුකම් තියෙන අයද? මෙන්න ආශ්චර්යය..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 08 December 2012 01:21 PM

ඊළගට පත්වෙන්නේ කවුද කියලා හොදට තේරෙනවා.. (නු)

:       0       0

සනත් කේ.බ Saturday, 08 December 2012 01:24 PM

ලෝකෙට පෙනෙන්න පාර්ලිමේන්තුවෙ කාමරයකට රැස්වෙලා රජයේ සේවයේ උසස්ම නිළධාරිණිය ගෙන්නලා නොදන්න නඩු අහල ඉදිරිපත්කරපු වාර්තාවෙ සාධාරණත්වයක්ද තියෙන්නෙ?(නු)

:       0       0

නිශාන්ත Saturday, 08 December 2012 01:39 PM

රටට වැදගත් තීරණ ගන්න තැන කතාකරන දේවල් දැක්කාම දුක හිතෙනවා..!(නු)

:       0       0

කැටවල Saturday, 08 December 2012 01:48 PM

මෝඩ කමට බෙහෙත් නෑ (ස)

:       0       0

සමන්ත Saturday, 08 December 2012 01:56 PM

නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ..!(නු)

:       0       0

පාලිත Saturday, 08 December 2012 08:48 PM

මේවා කවදා අවසන් වෙයිද?(නු)

:       0       0

මහේෂ් Saturday, 08 December 2012 02:21 PM

මෙතන අගවිනිසුරුතුමියගේ බැංකු ගිණුම් පිළිබදව සළකා බැලීමේදී ඇය යම්කිසි වංචාවක් කරලා බව පේනවා.. ඒ අනුව ඇය මේ තනතුර දැරීමට නුසුදුසුයි.. ඇය පිළිබදව කම්පා වෙන අතර මේ වගේ දෙයක් කළේ ඇයි කියලා හිතෙනවා..!(නු)

:       0       0

සුරංග ඩී.එස් Saturday, 08 December 2012 02:22 PM

ඔයතරම් කල් ගන්නේ මොකටද? තීන්දුව දෙන්න.. අනේ අර කේ.පී. මහත්තයට කොහොද දන්නේ නැහැ.. (නු)

:       0       0

පෙරේරා Saturday, 08 December 2012 02:19 PM

කවුරු අනත් දූෂණ කළොත් තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි.. නීතිය කාටත් එකයි..!(නු)

:       0       0

හේරත් Saturday, 08 December 2012 02:20 PM

ඇයි මෙහෙම ඔලුව වහගෙන ඉන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site