IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද බලතල අනුව කරන ලද ප්‍රථම වැටලීම අනුවය.

මහ විලච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියක කරන ලද පැමිණිල්ලක් අනුව පුද්ගලික හෝටලයක සේවය කරනු ලබන පැමිණිලිකාරියට දැනට ගෙවනු ලබන සියයට 75 ක සේවා ගාස්තු මුදල සම්පූර්ණයෙන් ගෙවීමට හා උසස් නිලධාරින් මගින් ඉදිරියේදී ඇයගේ සේවය ස්ථිර කර දීමට කටයුතු කිරීමටද ගණකාධිකාරී සහ මානව සම්පත් කළමනාකරු ලෙස එම හෝටලයේ රැකියාව කරන සැකකරු, ලිංගික අල්ලස් ඉල්ලා ඇය හෝටලයකට  රැගෙන ගොස් සිටියදී  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (1)

දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි

Sharm Sunday, 28 January 2024 11:53 AM

ආ.. එතකොට මෙච්චර කාලයක් වෙච්ච අපරාධ අල්ලන්න බැරි වුනේ ඒකයි... පව් දෙයියනේ.. මොන තරම් කැපවීමක් කරලාද..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site