IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දුෂ්කර ක්‍රියාවෙන් සම්මානයක්

තම මව්පියන් , සැමියා  සහ තරුණ පුතුන් දෙදෙනා 2004 සුනාමියෙන් අහිමි වීමේ  මතක සටහන් පොතක් ලියු සොනාලි දැරණියගල ලන්ඩනයේදී පෙන්/එකලේ  සම්මානය දිනා ගත්තාය.

ජීවිත ගමනේදී අවුල්වී ගිය සිතට තවත් අනන්‍යතාවයක් ලබා ලේඛිකාවක් වීමට එම බිහිසුණු අත්දැකීම් උපකාරී වු බව  සොනාලී කියන්නීය.

වේව් (තරංග) නම්  ඇගේ පොත ගැන විනිශ්ච මණ්ඩලයේ සභාපතී පීටර් පාකර් කියනුයේ ස්වාභාවික ව්‍යසනයකදී මව්පියන්  සැමියා හා දරුවන් මිය යෑම සම්බන්ධයෙන් පොතක් ලිවීම අතිශය දුෂ්කර කාර්යයක් බවයි.

 

73

 

 

 

 



අදහස් (0)

දුෂ්කර ක්‍රියාවෙන් සම්මානයක්

අසෝකා Wednesday, 16 July 2014 08:40 PM

නෙතේ නැඟුන කඳුලක්මයි සිතට දිරිය ගෙනදෙන්නේ! අපේ කාලේ පටාචාරා දුක් කඳුලැල් උහුලන්නේ! හිතේ තිබෙන වේදනාව පොත ඇතුළට රිංගන්නේ! වචන වලට නඟන්න බැරි අරුතකි ලොවටම දුන්නේ ! (නි)

:       0       0

ගාල්ලේ ඇතීනා Wednesday, 16 July 2014 09:31 PM

ෆෙඩ්රික් මහත්මයා, ඔබේ අදහස පැහැදිලි නැහැ. කෙසේවෙතත් ඇය අදාර්ශවත් දිරිය ලදක්. ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී ශක්තිය, පවුලේ අහිමි වූ අයට නිවන් සුව මෙන්ම ඔවුන්ට මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් නොවේවා! (නි)

:       0       0

ලාල් Wednesday, 16 July 2014 10:15 PM

ෆෙඩ්රික් මහත්තයෝ, දැන් ඔයා මොකක්ද කරන්න කියන්නේ? (නි)

:       0       0

නන්ද Thursday, 17 July 2014 12:45 AM

නංගියේ, ඔයා ඔහෙටම වෙලා ඉන්න. නුතන පටාචාරාවක් වූ නුඹ අද දිරිය ලඳක් වුණේ පිටරටක සිට ලියූ නිසයි. නුඹගේ දක්ෂකම් බලන්නවත් , නුඹ විඳි දුක දකින්නවත් නෙමෙයි අපේ සමහරු දන්නේ.නුඹට පිටරට යන්න ලැබුණ විදිය ගැන හොයන්න. අනේද කියන්නේ? (නි)

:       0       0

හේෂාන් Thursday, 17 July 2014 06:31 PM

සිංහල හා ඉංග්‍රීසි යන දෙකින්ම මේ පොත මුද්‍රණය කරලාද? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 17 July 2014 09:06 AM

ෆෙඩ්රික් මොනා කිව්වත් ලංකාවට නම් නිකන් වත් එන්න එපා. ගැහැනියකට කෙසේ වෙතත් හැදී දැඩි කොල්ලෙක්ට වත් පාරේ යන්න බැරි කාලයක් මේක. රට විනාසයි. (අ)

:       0       0

කාන්ති Thursday, 17 July 2014 01:17 AM

පිටරට ගිය නිසා තමයි මේ කාන්තාව මෙහෙමහරි ඔලුව උස්සාගෙන ඉන්නේ. ලංකාවේ හිටියා නම් පවුලම නැති වුණ කෙනෙක් කියලා මුළු ගැන්විලා ඉන්න තමයි ඇයට වෙන්නේ. මම දන්නවානේ මෙහෙම විපතක් වුණ බවලතුන්ට අපේ රටේ සාධු ජනයා සළකන විදිය. ෆෙඩ්රික් මහතා, ඔබ හිතා මතා අදහස් ලිව්වොත් ගොඩක් වටිනවා (නි)

:       0       0

චානිල් Thursday, 17 July 2014 01:26 AM

ඇයි මේ සමහරු පිටරට ගිය අයට ආඩපාලි කියන්නේ ? තමගේ රටේ ඉන්න ගමන් රටට බරක් වෙනවට වඩා නරකද පිටරටකට ගිහිල්ලා හරි ස්වාධීනව ජීවත්වෙන එක. අපේ රටේ සුනාමි නිසා පවුල් අහිමි කාන්තාවන් කීදෙනෙක් ඉන්නවද, මානසිකව කඩාගෙන වැටිලා ඉතිරි නෑයන්ට බරක් වුණ? මේ කාන්තාව දිරියෙන් නැගිටීම අගය කරනවා වෙනුවට පිටරටක් අල්ලාගෙන දොස් කියන එක හරිම වැරදියි. (නි)

:       0       0

ස්ටෙෆාන් Wednesday, 16 July 2014 11:41 AM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

අනුර පනාගොඩ Wednesday, 16 July 2014 11:46 AM

ඔබ වැනි දිරිය ලඳුන් ලොවටම වාසනාවක් (නි)

:       0       0

හේසාන් Wednesday, 16 July 2014 11:47 AM

දැනට මාස 6 කට පෙර මමද එය කියෙව්වෙමි. සම්මානයක් ලබන්න වටිනවා. ඇත්තමයි, හරිම සංවේදියි. ඔබ ගැන හරි දුක හිතෙනවා. ජාති ජාතිත් මෙවන් දුකක් නොවේවායි පතනවා. අනාගතයට සුබ පතමි!! (නි)

:       0       0

සිල්වා Wednesday, 16 July 2014 11:50 AM

සැබවින්ම දිරිය ළඳක් (නි)

:       0       0

චින්තක Wednesday, 16 July 2014 11:51 AM

ඔබ ලැබූ සම්මානයට සුභ පතන අතර මෙවන් කාර්යයක් සාර්ථකව කිරීමට ඔබතුමිය තුළ තිබූ කැපවීම මම අගය කරමි.ඔබගේ අහිමි වූ සියල්ලන්ටම නිවන් සැප ප්‍රාර්ථනා කරමි.උපදින කිසිම ආත්ම බවයක අප සියල්ලන්ට මෙවන් දේ අසන්නට දකින්නට නොලැබේවා! (නි)

:       0       0

චමින්ද Friday, 18 July 2014 08:25 AM

ෆෙඩ්රික් මහත්මයා,ඔබතුමා වුනත් කරන්නේ ඒ ටිකම තමයි. අපි හැමෝම අද කරන්නේ රට ගැන හිතන්න කලින් තමන් ගැන සිතීමයි.අද කාලේ කවුරු හරි හිතනවා නම්, " තමාට පෙර රට " කියලා.ඒක බොරුවක් .එහෙම අය හිටියා බොහෝ ඉස්සර. (අ)

:       0       0

සුනිල් Wednesday, 16 July 2014 12:04 PM

බුදු සරණයි ඔබට! (නි)

:       0       0

දයාවංශ Wednesday, 16 July 2014 12:05 PM

ඔබට පටාචාරාවක් නොවී, ජීවමාන බුදුන් නොදැක, එවෑනි කෘතියක් ලිවීමට තරම් ආත්ම ශක්තියක් ලෑබීම ගෑන ඉතාමත් සතුටු වෙමි. (නි)

:       0       0

යසස්සි Wednesday, 16 July 2014 12:10 PM

ඒ පොත ලබාගන්න ක්‍රමයක් තිබෙනවද? (නි)

:       0       0

භානු Wednesday, 16 July 2014 12:14 PM

සුභ පැතුම් සොයුරිය! දෛවයේ සරදමින් දුකට පත් වූ සියල්ලන් වෙනුවෙන් තව තවත් ලියන්න. මේ ලෝකයේ දෙමව්පියන් කිසිදින දැක නැති අනාත ළදැරියන් , සැමියෙකු සොයා ගත නොහැකිව ගෙදරට වයස්ගත වූ කාන්තාවන් සහ තමන්ගේම දරුවෙකු නැතිකමින් සිතින් මැරි මැරී උපදින විවාහක කාන්තාවන් කොතෙකුත් ඇත. ඔබේ පන්හිඳ ඒ සැම වෙනුවෙන් හෙටත් සුරතට පැමිණේවා! (නි)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 16 July 2014 12:15 PM

දියණිකට, බිරියකට, මවකට අහිමිවු සියල්ල නොසැළී ධෛර්යමත්ව දරාගෙන මෙවැනි කෘතියක් සමාජයට දායාද කිරීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. මුලු කාන්තා පරපුරටම ඔබ ආදර්ශයක්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 16 July 2014 12:20 PM

හරිම සංවේදී අවස්ථාවක් (නි)

:       0       0

සරත් ආනන්ද Thursday, 17 July 2014 03:20 AM

පෙඩ්රික් මහත්තයෝ ඔබ ඉංග්‍රීසියෙන් ඔබේ අදහස කිව්වා නම් මම ගොඩක් සතුටු වෙනවා. මොකද එහෙනම් මට හොඳ පිළිතුරක දෙන්න තිබුනා. (නදී)

:       0       0

හෙසා Thursday, 17 July 2014 10:44 AM

ඩුබායි- තිලක් ,ඇමසෝනා එකෙන් ඇනවුම් කරලායි මම ඒ පොත ගත්තේ. (ස)

:       0       0

රුවින්ද Thursday, 17 July 2014 03:57 AM

ඔබගේ නොසැලුණු දිරියට ආචාර කරමි. තව තවත් ලිවීමට ඔබට දිරිය ප්‍රර්ථනා කරමි. ඔබට තෙරුවන් සරණයි ! (නදී)

:       0       0

සිසිර අමරකෝන් Wednesday, 16 July 2014 12:59 PM

තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා! බුදු සරණයි! (නි)

:       0       0

නලීන් Wednesday, 16 July 2014 01:02 PM

ඔබගේ ඉදිරි දිවිය ජයගැනීමට ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

විජේසිංහ Thursday, 17 July 2014 04:33 AM

ඒ මහත්මියගේ මුහුණේ පේන්නේ හරිම වේදනාවක් එයාට බුදුසරණයි (නදී)

:       0       0

දයා අළහකෝන් Thursday, 17 July 2014 11:15 AM

පෙඩ්රික් මහත්තයා, ඉංග්‍රීසි ජාතිකයෙක්ද,සිංහලයෙක්ද? මේ පොත කියෙව්වද,කියවාගත්තද? ඔබේ අදහස අපැහැදිලියි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 16 July 2014 01:53 PM

විඳි මහා දුක් කන්දරාවන් වලින් ඔබගේ සසරේ එකතු වුණ දුක්ඛ කර්ම රාශියක් ගෙවී ඇති බව මම සිතමි. නිවන අරමුණු කරගෙනම ඉදිරි කාලය ගෙවන්න. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 July 2014 04:40 AM

ඒ පොත ලබාගන්න ක්‍රමයක් තිබෙනවද?කරුණ කරලා දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 July 2014 04:43 AM

ෆෙඩ්රික්.මොලේ තියෙන කෙනෙක් දැන් ලංකාවේ සිදු වෙන අපරාද වල හැටියට ලංකාවට එන්නේ නැහැ. ඉන්න අයත් පුළුවන් විදිහට ඉඩ කඩම් විකුණලා ලංකාවෙන් චුත වෙන්න බලනවා මිසක්. (නදී)

:       0       0

ප්‍රසාන්ත Thursday, 17 July 2014 05:29 AM

නියමයි ! (නදී)

:       0       0

පසන් Sunday, 20 July 2014 06:46 PM

මේ පොත සිංහල භාෂාවෙනුත් මුද්‍රණය කර තිබෙනවා නම් ගොඩක් වටිනවා. අපිටත් කියවන්න පුළුවන් එතකොට. (නි)

:       0       0

මේනකා Thursday, 17 July 2014 06:00 AM

කාන්ති, භානු , සහ නන්දගේ අදහස් අගය කරමි (නදී)

:       0       0

සුමිත්මයා Wednesday, 16 July 2014 03:34 PM

ඔබ දිරිය ලඳක් .ඔබට බුදුසරණින් ධෛර්යය හා ශක්තිය ලැබෙන්න ඕනේ.ඔබ අපට ආදර්ශයක්.(අ)

:       0       0

ප්‍රසාන් Thursday, 17 July 2014 06:46 AM

මේ පොතේ පිටපත් දෙකක් අපේ ගමේ (ඕස්ට්‍රේලියාවේ කුඩා නගරයක් ) මහජන පුස්තකාලයේ තියෙනවා. සැහෙන ඉල්ලුමක් මේ පොත් දෙකට තියෙනවා. මමත් පෝලිමේ ඉන්නවා එකක් අරගෙන කියවන්න. (ස)

:       0       0

ෆෙඩ්රික් Wednesday, 16 July 2014 04:25 PM

දුප්පත් මිනිසුන්ගේ මුදල් වලින් ඔබව පිටරට යැව්වා ඉගෙනගන්න. නමුත් ඔබ පිට රට නතර උනා (නදී)

:       0       0

රූපවතී Wednesday, 16 July 2014 05:00 PM

ඔබේ සිතට සැනසීම ලැබේවා ...! (නි)

:       0       0

නයනා Wednesday, 16 July 2014 05:06 PM

මමත් ඒ පොත බැලුවා.හරිම දුකයි.ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

සරත් Wednesday, 16 July 2014 05:19 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 16 July 2014 05:19 PM

ඔබ ජීවිතයට මුහුණදෙන ආකාරය ප්‍රශංශනීයයි (නි)

:       0       0

අරුණ-දෝහා Wednesday, 16 July 2014 05:43 PM

කඳුළු කැට වියලුන දෙනෙතේ, අදිටනක්ද දිරියක්ද නොහැ‍ඟේ... ඇත්ත ඇති සැටියෙන් ලිවුව එකම ඇති (නි)

:       0       0

මිනිපෙ Wednesday, 16 July 2014 05:49 PM

චමත්කාර පොතක්. (නි)

:       0       0

සමන්තිකා Wednesday, 16 July 2014 07:58 PM

ජීවිතයේ එන දුක් කම්කටොලු ඉවසාගෙන ඒවාට මුහුණ දී ජයගන්න පුළුවන් නම් ඒක තමයි ජීවත්වෙනවා කියන්නේ. ඔබට ලැබුන මේ ශක්තිය, ඉවසීමේ ගුණය සහ ධෛර්යවන්තකම මම බෙහෙවින්ම අගය කරමි. ඔබෙන් වියෝවූ සැමදෙනාට නිවන් සුව පතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 507 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 232 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 509 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1413 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 842 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 873 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1435 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1623 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site