IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


“දේශය වෙනුවෙන් එක්වන පියවරක්”

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” මැයෙන් වූ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් එහි නායක පාඨලී චම්පික රණවක මහතා සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයට අද(26) පැමිණ සාකච්ඡාවක නිරත විය.

සමගි ජනබලවේගයේ  මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජනරජ පෙරමුණේ  නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධිනත්වයෙන්  සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ දී මෙම හමුව පැවැත්විණ.

ඊට සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ද එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලකල ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.

එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” යෝජනාවලිය පිලිබඳ පාඨලී චම්පික රණවක ප්‍රමුඛ එක්සත් ජනරජ පෙරමුණ  දේශපාලන පක්ෂ සහ  සංවිධාන සමඟ සාකච්ඡා කිරීමේ  පියවරක් ලෙස මෙම හමුව පැවැත්විණ.



අදහස් (0)

“දේශය වෙනුවෙන් එක්වන පියවරක්”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site