IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දේශීය කර්මාන්තවලට ආනයනවලින් ආරක්‍ෂාවෙන්න පනත්

(යොහාන් භාසුර)

දේශීය කර්මාන්තකරුවෙක්ට කිසියම් ආනයනකින් බලපෑමක් ඇතිවන්නේ නම් ඉන් ආරක්‍ෂා වීමට පනත් දෙකක් හදුන්වාදී ඇති බවත් කර්මාන්තකරුවන්ට ඒ සඳහා වාණිජ දෙපාර්තමේන්තුව සමඟ කටයුතු කළ හැකි බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (19) පැවසීය.

දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්තකරුවා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් හදුන්වා දුන් 2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත පිළිබඳව දැනුවත් කිරීමට කොළඹ පනදම් ආයතනයේදී අද (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවේකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එසේ සඳහන් කළේය.

කිසියම් ආනයකරුවෙක් සහනාධාර ලැබෙන භාණ්ඩයක් ආනයන කර වෙළෙඳපොළට සපයන්නේ නම් දේශීය කර්මාන්තයට බලපෑමක් වන බවත් මිල සඟවා ආනයන කරන්නේ නම් එය ද කර්මාන්තයට බලපෑමක් බවත් අමාත්‍යවරයා කීය.

ආනයන සීමාකිරීම තුළින් දේශීය සේවක රැකියා සුරක්‍ෂිත කිරීම සහ විදේශ විනිමය රටින් පිටව යෑම වැළැක්වීම කළ යුතු බව කී සමරසිංහ මහතා මෙම පනත් දෙක ක්‍රියාත්මක කිරීමේදී දේශීය නිෂ්පාදකයා සහ දේශීය කර්මාන්ත ආරක්‍ෂා කිරීම ආණ්ඩුවේ මූලික අරමුණ වන අතරම අපනයන පිළිබඳව අවදානය යොමුකළ යුතු බව ද සඳහන් කළේය.

මෙරටට කරන ආනයන දේශීය නිෂ්පාදනවලට තරගකාරී ලෙස බලපාන්නේ නම් ඒවා මෙරට එන ආකාරය හදුනාගත යුතු බවත් රබර් කිලෝවක් නිෂ්පාදනය කළ නොහැකි මිලට ටයර් ආනයන කළ හැකි යැයි දේශීය ටයර් නිෂ්පාදකයන් පවසන බවත් අමාත්‍යවරයා කීය.

මෙරට සහන ලැබුණු ආනයන මෙරට ගෙනවිත් අළෙවි කරන්නේ නම් ඒවායේ දේශීය නිෂ්පාදකයන්ට තරග කිරීමේ හැකියාව නොමැති බවත් එවැනි නිෂ්පාදන ලෙස ටයර් සහ ටයිල් ඇතුළු නිෂ්පාදන රැසක් හදුනාගෙන ඇති අතර ටයිල් කර්මාන්ත තුළ දැඩි ප්‍රශ්නයක් ඇති බවත් හෙතෙම කීය.

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් දේශීය කර්මාන්තකරුවා රැකගත යුතු බවත් ලෝකයත් සමඟ ගණුදෙනු කරද්දී දේශීය කර්මාන්තකරුවා රැකගැනීමට අසමත්වුවහොත් බරපතල තත්වයකට පත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ලෝක වෙළෙඳ සංවිධානයත් සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක ලෙස නීති සම්පාදනය කිරීමට ඉඩහැදුණු බව කී අමාත්‍යවරයා මෙම පනත් දෙකම 2006 වසරේ අද මෙන්ම පළාත් පාලන මැතිවරණයක් අවසන් වීමෙන් පසුව පාර්ලිම්න්තුවට ඉදිරිපත් කර තිබූ බවත් ඒ මහතා කීය.  

කර්මාන්තකරුවා ආරක්‍ෂා කිරීම සඳහා ලෝක වෙළෙඳ සංවිධානය සමඟ එකතුව පනත් සකස් කර ඇති අතර ඒ සඳහා රෙගුලාසි සකස් කළ යුතු බවත් එම පනත්වල උපදේශකයා ලෙස වාණිජ දෙපාර්තමේන්තුව පත්වන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරන්රාජා මහතා ඇතුළු වාණිජ දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.  



අදහස් (2)

දේශීය කර්මාන්තවලට ආනයනවලින් ආරක්‍ෂාවෙන්න පනත්

de silva Tuesday, 20 May 2025 06:23 AM

ලංකාවේ හදන ටයර් ගල්ගෙඩි වගේ , ඒවා ලොකු ලේලන්ඩ් බස් වලට දමන්න පුළුවන් වුනත් , අලුත් කාර් වැනි වාහන වලට යෙදුවහම , සමහර අවස්ථාවල දෙදරීමට ලක් වෙනවා , එම නිසා වාහනයේ ක්‍රියාකාරිත්වයට බාධා සිදුවෙලා විශාල අනෙක් කොටස් හානි වෙන්න පුළුවන් , ටයිල් ගැන කියනව නම් රටට අවශ්‍ය විවිධ වර්ගයේ සියලුම ටයිල් ලංකාවේ නිෂ්පාදනය වන්නේ නැහැ , මේවට 110% ටැක්ස් ගැහුවම , මිනිස්සුන්ට ගෙයක් දොරක හදාගන්න බැහැ , මිනිස්සු ගෙවල් හදන්නේ නැති වුනහම මේසන් බාස්ට , වඩු බාසට රස්සා නැහැ , රටේ ජිවන වියදම ඉහල යනවා , රජය සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගැන සිතන්නේ නැතුව මහා පරිමාණ ටයිල් නිෂ්පාදක ධම්මික පෙරේරා ආරක්ෂා කරන්න යනවා නම් , චන්දෙත් ඔහු ගෙන් ම ඉල්ලා ගන්න .

:       0       2

R.T.sarath Tuesday, 20 May 2025 06:34 AM

පිටරටින් ගෙන්වන සෑම භාණ්ඩයකටම අධික තීරු බදු දැනටමත් ගහනවා , රටේ ආර්ථිකය දියුණු කරගන්න ඕනේ නම් අර සිංගප්පුරුවේ , ඩුබායි රටේ වගේ මේවා අඩු වෙන්න ඕනේ , අරය මෙයා ආරක්ෂා කරගන්න කියල මෙම බදු තව දුරටත් ඉදිරියට වැඩි කලොත් රටේ ජිවන වියදම සහ ජිවන වියදම පාදක කරගෙන නිෂ්පාදන වියදම ඉහල ගොස් අපනයනයට තවදුරටත් බාධා ඇතිවෙනවා ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site