IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශීය ආදායම් පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය බදු යාන්ත්‍රණය ඉහළ නංවාලීම සඳහා දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන බවත්, ඔවුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මෙම නව දේශීය ආදායම් පනතෙන් හැකියාව ලැබෙන බවත් අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය. 

මෙරට රාජ්‍ය බදු අය කර ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවත්, එබැවින් රටේ බදු ප්‍රතිපත්තිය ද කඩිනමින් වෙනස් කළ යුතු බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කර සිටියේ  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.



අදහස් (2)

දේශීය ආදායම් පනත සංශෝධනයට

G. K. Ekanayake Thursday, 17 August 2023 09:20 PM

මහින්දානන්ද දන්න බම්බුව. ඔතෙන් ට හර් ෂ වගේ කෙනෙක් අවශ්‍යයි.

:       0       0

Gawaya Friday, 18 August 2023 08:58 AM

බදු ගෙවන එවුන්ගෙ 36% ක් පස්ස පැත්තෙම ඇර ඇර කරපු හොරකං, විශේශයයෙන් මේ මිනිහා, ඇරියස් පියව ගන්න තවත් අරින්න ලැජ්ජනැතුව යෝජනා කරනවා. ඇත්තටම මුන්ට පාරෙ බැහැල යන්න පුලුවන්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site