IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දේශීය ආදායම් පනතේ ඡන්දය හෙට

(රංජන් කස්තුරි)

දේශීය ආදායම් පනත් කෙටුම්පත හෙට (07) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත ය.

නව පනතට අනුව ශ්‍රී ලංකාවේ තිබෙන විදේශ සමාගම් විසින් සිය රටවලට ලාභ යැවීමේදී අයකරනු ලබන ප්‍රේෂණ බද්ද,ප්‍රාග්ධන බද්ද ,රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද ඔක්තෝබර් 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නව පනතට අනුව සංස්ථාපිත බදු ඇතුළු අනෙකුත් ආදායම් බදු ගෙවීම 2018 වසරේ අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

නව පනත මගින් දැනට අයකරන සියයට 10 ,12 ,15 ,20 හා 40 ආදි වශයෙන් වන බදු අනුපාත සරල කර තිබෙන අතර මින් ඉදිරියට එම බදු අනුපාත සියයට 14, 28 හා 40 යනුවෙන් අනුපාත තුනක් යටතේ පමණක් අයකරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

පුද්ගල අදායම් බදු ගෙවීමේදී දැනට ආදායම් බදු අයතරන ලබන වාර්ෂික ලක්ෂ පහක් වන ආදායම් කාණ්ඩය ලක්ෂ හය දක්වා නව පනතින් වැඩි කර ඇතැයි ද මුදල් අමාත්‍යංශය කියයි.

තනි ව්‍යාපාරිකයෙක් හෝ ආදායම් ලබන පුද්ගලයෙක් සිය වාර්ෂික ඉපයීමෙන් ලබන ශුද්ධ ලාභයෙන් වසරකට ලක්ෂ පහක මුදලක් බදුවලින් නිදහස් කිරීමටද නියමිත ය.



අදහස් (1)

දේශීය ආදායම් පනතේ ඡන්දය හෙට

Ruwan Wednesday, 06 September 2017 01:23 PM

ශුද්ධ ලාභය ලක්ෂ පහේ සීමාවට ගෙන එ්ම ඉතාම නිවැරදි ක්‍රියාවකි. නමුත් අමතර ගුරුවරුන්, දොස්තරවරුන් යන අයවත් මෙයට අනිවාර්යයෙන්ම එකතු කල යුතුයි. ඔවුන් බදු වංචා කරුවන් අතරේ ඉතා ඉහළින්ම සිටී.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site