IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


දේශපාලන බලෙන් පතලක් කපයි

දකුණේ දේශපාලනඥයකුගේ හිතවතකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකු ඇඹිලිපිටිය සෙවනගල වැලිආර සමගිපුර අනවසරයෙන් පවත්වාගෙන ගිය බව කියන මැණික් පතලක්   මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය අද වැටලීය.

සැකකරුවන් තිදෙනකු සමග එක්ස්කැවේටරයක් හා උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ එක හමාරක දඩයක් ද නියම කළේය.

රජයේ ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම් හිමිනමක් ඔවුන් මුදා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ පසු දඩය ගෙවූ බවත්, ඉන් පසු උපකරණ හා සැකකරුවන් මුදා හළ බවත් අධිකාරිය පවසයි.

කොළඹ විශේෂ වැටලීම් ඒකකයේ ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ඉඳුනිල් මුතුකුමාර, ආරක්ෂක නිලධාරීන්වන පී ඒ ඇන්ඩෘසන්, පී එස් එල් මහේෂ්, වී ඒ චන්ද්‍රසිරි යන නිලධාරීහු ද උඩවලව පොලිස් විශේෂ බලකා කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් ඩී එම් සමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ද මෙම වැටලීමට එක්ව සිටියහ.



අදහස් (0)

දේශපාලන බලෙන් පතලක් කපයි

ඇසළ Tuesday, 24 June 2014 05:43 PM

ඇමති ගේ නමයි සම්බන්ධිකරණ ලේකම්ගේ නමයි දාන්නකෝ ඊළඟ පාරත් අපි කතිරේ ගහන්න. (අ)

:       0       0

බිමල් Tuesday, 24 June 2014 06:44 PM

අපි දැන් මේ දේවල් වලට මොනවත් කියන්නේ නැහැ . අන්තිමේ සමහරු නවතින්නේ අපිව පිට රට ඉන්න දේශ ද්‍රෝහියෝ කියලා . වෙනදා හරවත් අදහස් ලියන උදවියත් දැන් නිශ්ශද්ධ වෙලා වගේ. හේතුව ඉතා පැහැදිලියි. (අ)

:       0       0

සෙන්සා Wednesday, 25 June 2014 08:45 AM

මෑත කාලයේ දඩුවමක් ලැබුන එකම දේශපාලකයා ගුරුවරිය දණ ගස්සපු එක්කනා පමණි. දුස්සීල හාමුදුරුවරුත් වංචනික දේ්ශපාලකයත් දෙන්නම රටට කරන්නේ විනාශයක්. රටෙි බහුතරය බෞද්ධ නිසා හාමුදුරුවරු ආදර්ශමත් කරවිය යුතුයි. රට පාලනය කරන්නේ දේශපාලකයින් නිසා බහුතරය හොරුන් වන දේශපාලකයින්වත් පන්නා දැමිය යුතුයි.(නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 24 June 2014 06:51 PM

මී අයගේ නම් ප්‍රසිද්ද කරන්ඩ,අපිට ඒ අයට මනාපේ දෙන්ඩ ඔනෑ (අ)

:       0       0

පිටිගල Tuesday, 24 June 2014 07:09 PM

කවුරුවත් මොකුත් නොකියා ඉන්නේ කියලා වැඩක් නැති නිසා. නිශ්ෂබ්දව ඉඳලා අනික් සැරෙත් ඡන්දෙ දෙනවා. ඕක වෙනස් කරන්න බැහැ දැන්.වෙනස් කරන්න කෙනෙකුත් නැහැ. (අ)

:       0       0

නෙළුම් Tuesday, 24 June 2014 07:36 PM

මේ දේවල් වලට ප්‍රතිචාර ලියලා වැඩක් නැහැ බිමල්. තමන්ගේ අසවල් දර්ශනය අනුව සිදුවෙන හැම දෙයක්ම සාධාරණීකරණය කරන ගමන් වෙනත් අදහස් ලියන උදවියට ඉතා අප්‍රසන්න විදියට අමතන අයත් ඉන්නවා. (අ)

:       0       0

චාන්දනි Tuesday, 24 June 2014 08:16 PM

දැන් කාන්තා පාර්ශවයේ අදහස් ලිය වෙන්නේ නැහැනේ . හැබැයි ඉතින් හේතුව බිමල් කියු දෙය නම් පුදුම වෙන්නත් දෙයක් නැහැ . සමහරුන්ගේ නිරන්තර නරක උපහාස නිසා සමහර පාර්ශවය පැත්තකට වෙලා වගේ. (අ)

:       0       0

චානක. Tuesday, 24 June 2014 10:02 PM

රට ආගාධයට වැටුණේ දේශපාලකයෝ නිසා (ස)

:       0       0

චමින්ද Wednesday, 25 June 2014 01:34 AM

බිමල්,ඔබ හරියට හරි. දේශප්‍රේමීන්ට ජය වේවා!! (නි)

:       0       0

සත්‍යා Wednesday, 25 June 2014 02:59 AM

බෞද්ධ භික්ෂුවක් මේ වගේ දේකට මැදිහත්වීම ගැන බෞද්ධ විරෝධී බලවේග ගන්නා පියවර දෙස අපි බලාසිටිමු (නි)

:       0       0

සමන්ති Wednesday, 25 June 2014 06:01 AM

උසාවි දමා දඩුවම් ලබාදෙන්න කටයුතු කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site