IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘දේශපාලන ගණිකාවන්ට එජාපය විනාශ කරන්න දෙන්න බෑ‘

තමා එක්සත් ජාතික පක්ෂ සංවිධායකත්වයෙන් හා පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වන බව බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතා කොස්ගොඩදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (28) පැවසීය.

බලපිටියේ දේශපාලන වේදිකාව යහපාලන වේදිකාවක් නොවන බවත් බලපිටියේ යහපාලනය විනාශ කළ පුද්ගලයා එජාපය සමග එකතුවූ බවත් එජාපය ජයග්‍රහණය කළහොත් නැවත බලය යන්නේ මංකොල්ලකරුවන්ට, මිනීමරුවන්ට, පාතාලයන්ට බවත් යුක්තිගරුක දේශපාලනඥයකු ලෙස තමාට මෙය බලා සිටිය නොහැකි බවත් කියමින් සොයිසා මහතා තනතුරුවලින් ඉල්ලා අස්වන බව කීවේය.

‘බලය නැති වෙලාවේ දුෂ්කර කාලයේදී බලපිටිය රැක ගත්තා. දේශපාලන ගණිකාවන්ට එජාපය විනාශ කරන්න දෙන්න බෑ‘ යැයි කී ඒ මහතා බලපිටිය හිටපු ප්‍රාදේශීය සභා සභාපති දයාරත්න ද සිල්වා එජාපයට එක් කරගැනීමට විරෝධය පළ කරමින් එසේ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

 

වීඩියෝ - දීපාල් ද සිල්වා



අදහස් (0)

‘දේශපාලන ගණිකාවන්ට එජාපය විනාශ කරන්න දෙන්න බෑ‘

සරත් Tuesday, 28 July 2015 03:51 PM

ඔන්න පනින්න පටන් ගත්තා විතරයි (බ)

:       0       0

අමර Tuesday, 28 July 2015 03:58 PM

මෝඩයි සංවිධායක කමත් දීලම යනවනේ (බ)

:       0       0

චාමර Tuesday, 28 July 2015 04:07 PM

අනේ ලොකු දෙයක් ගෙදර ඡන්ද ටික විතරක් තියෙන මෙයාට අාසන සංවිධායක කම දුන්නද ,මෙය යහපාලනේට ගැලපෙන්නේ නැහැ ,අපි දැක්කනේ එදා සචින් වාස් එක්ක අැරගන්න ගිය විදිය (බ)

:       0       0

සරත් Wednesday, 29 July 2015 08:39 AM

ඔය පේන්නේ පෙර නිමිති 29 වරටත් (බ)

:       0       0

සහන් Tuesday, 28 July 2015 04:10 PM

ඡන්දෙන් ගොඩ එන්න බැහැ මෙයා නිසා එක අලුත් ඡන්දයක් යූඇන්පී එකට ලැබෙන්නේ නැහැ ,අලුත් කෙනෙකුට බලපිටිය දෙන්න ,සංජීව කරුණාතිලක වැනි අලුත් කෙනෙක් දැම්මොත් තරුණ පරපුර තව තවත් එජාපෙ එක්ක එකතු වේවි (බ)

:       0       0

රංජිත් Tuesday, 28 July 2015 04:36 PM

දේශපාලනය බලයට එනකන් යහ ආවට පස්සේ වහ (ම)

:       0       0

කැළුම් Wednesday, 29 July 2015 03:20 AM

කඩාගන්න (දිනන්න බැරි බව දන්නා නිසා )බැරි වුණාම මිදී තිත්තයි කිව්වලු. (ම)

:       0       0

සංක Wednesday, 29 July 2015 03:33 AM

ඔබතුමාට මහින්ද මහත්තය පරදිනවට හිතට අමාරු වෙලා වගේ..(ම)

:       0       0

නාලින්ද Wednesday, 29 July 2015 03:40 AM

පව් අසරණයා. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 29 July 2015 03:46 AM

නටන්න බැරි වුණාම පොලොව ඇදයි කිව්වාලු. කවුරු ආවත් මොකද තමන් ජනතාව අතර ඉන්නවා නම්. මෙයා ගැන මොනවත් නොදන්නා කෙනෙක් වුණත් සහන් ගේ කතාව මමත් අනුමත කරනවා. (අ)

:       0       0

චන්දික Wednesday, 29 July 2015 04:15 AM

දැන් යන්න,ගිහිං මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න. යන එකමයි හොඳ.. නැද්ද මං කියන්නෙ? (බ)

:       0       0

ද සිල්වා Wednesday, 29 July 2015 04:21 AM

මැරවරයන්ට හොරුන්ට බලපිටියේ බලය නොදිය යුතුය , (හේ)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 28 July 2015 05:42 PM

මෙයා කොහොමද මේවා කතා කරන්නේ (බ)

:       0       0

නිහාල් Tuesday, 28 July 2015 06:00 PM

දේශපාලනේ ගණිකා මඩම ඉන්නේ කළුතරනේ (බ)

:       0       0

පස්දුන්කොරලේ Tuesday, 28 July 2015 06:28 PM

තව විනාශය වෙන්නේ මොනවාද ? ඉවරෙටම ඉවරයි |!!! (ම)

:       0       0

ආර්.සම්පත් Wednesday, 29 July 2015 06:02 AM

ඔක්කොම එකයි වැඩ නැත... සද්දේ විතරයි... ලොකු එකාගේ ඉඳල පොඩි එකාට යනකල්ම.. (බ)

:       0       0

වින්සන්ට් Tuesday, 28 July 2015 09:45 PM

යුක්තිගරුක දේශපාලකයා ඊළගට නවතින්නේ පිරිසිඳු තැනකද කියා අපි බලාසිටිමු.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site